
(අංජුල මහික වීරරත්න)
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස එක් විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, අද (12) එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමිනි.
ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිය දේශනය පවත්වනු ලැබීය. තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණ.
මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපාය මාර්ග සහ සැලසුම් සංවර්ධනය කෙරෙහි මෙම සමුළුව මඟින් ගාමක බලයක් ලබා දෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් මෙන්ම ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍ය බවද කියා සිටියේය.
සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යයකට මෙන්ම කෘතහස්ත ලෝකයකට වැදගත් වන අතර, ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීම මෙන්ම නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩසැලසීමේ වැදගත්කම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහිතව 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ගෝලීය ආර්ථික මූල්‍යකරණයේදී කොන්දේසි දැඩිවීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණ දීමට වත්මන් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය දුර්වල ලෙස සූදානම් වීමත් සමග ගෝලීය දැක්ම අතිශයින් ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නූතන ලෝකයට සාධාරණ ලෙස ගළපා ගත හැකි මූල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
මානව කේන්ද්‍රීය අනාගත සංවර්ධනය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමුවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
රොබෝවරයෙකුගේ භාවිතය හේතුවෙන් රැකියා අහිමි වන මානව සම්පත සවිබල ගැන්වීම වෙනුවෙන් අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා අවස්ථාවන් හඳුනා ගනිමින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ වෙනුවෙන් ගෝලීය නායකයන් සාමූහිකව කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
‘අප සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු’ යන ආයාචනය බව ජනාධිපති අනුර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය”යන මාර්ටින් ලූතර් කිං ගේ ප්‍රකාශය උපුටා දැක්වූ ජනාධිපතිවරයා, “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” ගොඩනැඟීමට ශ්‍රී ලංකාවේ ජනතාවද 2024 වසරේ දී එක් වූ බව පෙන්වා දුන්නේය.
මෙම ඓතිහාසික සමුළුව හමුවේ අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” යැයි ලෝක රාජ්‍ය සමුළු නියෝජිතයින්ට ආරාධනා කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයියෙන් ලස්සන ලෝකයක් හදා ගන්නා ආකාරය නොහොත් අවබෝධයෙන් බොරු කියා මී හරක් වැසියන් අන්දා ගන්නා ආකාරය පිළිබඳව සම්මාන ආචාර්ය උපාධියක් දෙන්න වටිනවා. අවුරුදු 2ක් වැනි ඉතා කෙටි කාලයකින් හැට අට ලක්ශයක් අන්දනව කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමේ බොලේ.
මීට වඩා වැදගත් විදිහට කතා කළා නම් හොඳයි.
එහෙට ගිහිල්ලත් කයිවාරුව තමයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලංකාවට වඩා දියුණු ඇයි? ඒ මිනිස්සු තම රටට ආදරයයි. තම නායකයා කව්රු වුනත් ඔහුට ගරු කරනවා. ලංකාවේ ඔවුන් කැමති පක්ෂය ආණ්ඩුව කරන්නේ නැත්තං රට විනාශ වුනත් තම පක්ෂය රජ කරන්න තමයි ලංකාවේ සුළුතරයක් මාන බලන්නේ.
හෙලෝ අදක්ෂ ජනාධිපතිතුමනි, ව්‍යාපාරික මනසක් ඇති ජාත්‍යන්තර ප්‍රජාව ඔබව විශ්වාස කිරීමට පෙර ගෙදර වැඩ පරීක්ෂා කරයි. කියන්න ලේසියි නමුත් කරලා නැහැ. මූලික ගැටළු විසඳීමට ඔබේ සැබෑ ධෛර්යයට එරෙහිව ඔබේ හැකියාවන් ගැන අපට දැඩි සැකයක් තිබෙනවා. සංකීර්ණ මූල්‍ය කටයුතු තබා ගන්න. කරුණාකර අදම ප්‍රායෝගික මානසිකත්වයෙන් කෙටි කාලීන ගැටළු විසඳන්න. එවිට කිසිවෙකු කලකිරීමට පත් නොවන අතර ඔබව අදක්ෂයෙකු ලෙස හඳුන්වන්නේ නැත.
ඇයි මේ හැම දෙයක්ම ඍණාත්මක විදියට දකින්නේ. ජනාදිපති ගැන අපිටනම් හරිම ආඩම්බරයි. දරාගන්න බැරි නම් නිශ්ශබ්දව ඉන්නකෝ.
මුලු ලෝකෙටමත් පචයෙන් අන්දන්න හදන්නේ
මඩ බලකායන් වැඩ පටන් අරගෙන වගේ. ගොබෙල්ස් න්‍යායය අනුගමනය කරන්න යන්නේ. බොරුව හා වැරදි දේ නැවත නැවත කියලා ඒක මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න යන්නේ ඇත්ත වගේ. දැන් මේ ජනාධිපතිට තියන චෝදනා තමයි කමිසය නිසි පරිදි නොවිම ඉංග්‍රිසි කතා නොකිරිම වගේ දේවල්. නමුත් රටම බංකොලොත් කරලා නිර්ජ්ජිත විදියට හොරා කාපු දේශපාලකයන්ගේ වන්දි භට්ටයන් කරන්න හදන්නේ
අර චෙක් නොකර පන්නපු කන්ටෙනර් වල තිබුනේ මොනවද කිව්වොත් එයි
රුවන් ඒකම නේද අවුරුදු 75 ක් ජෙප්පෝ කරේ... දැන් එනවා මෙතන බණ කියන්ඩ
හැමදාම වගේ සිංහයෙක්ව දැක්කහම බල්ලෝ ටික බුරනවා වගේ මෙතැන සිලිඩර් බයියෝ ටික වැළපෙන්න අරන් , කවුරු මොනව කියුවත් ජාත්‍යන්තර ප්‍රජාවගේ පැසසුම දිනාගෙන රටට අලුත් ආයෝජන ගෙන්න පුළුවන් අනුරට විතරයි ,මොකද කලින් හිටපු හොරු ගැන මුළු ලෝකෙම හොඳට දන්නවා
උඩ ඉඳන් පහලට කියෙව්වම USAID නැත්තතං වෙනවිදිහකට හරි තාමත් ආධාරවල අඩුවක් නෑ කියලනම් පැහැදිලියි.
ගොඩාක් ලස්සන කතාවක්.කතාවෙන් ඉතාම දක්ශයි.ඒකෙන්ම බොරු වපුරල මිනිස්සු අන්දවල බලේට ආවෙ.කතාව කොතරම් ලස්සන උනත් ප්‍රායෝගිකව ඔබ අතිශයින්ම අදක්ශයි.කොටින්ම ෆේල්.බලයට පත් වූ විගසින්ම කල යුතුව තිබූ මිනිස්සුන්ගෙ බත්පතේ ප්‍රස්නයට විසදුම් දෙන්න ඔබට නොහැකි වුණා.අනුරට පැල් බැදගෙන ඡන්දෙ දුන්නෙ ගම්වල ගොවියො.ඒත් ඒ අසරනයන්ට කෙලිය නේද? ඒ මිනිස්සු ලෝකය ගැන දැනගන්නෙ ටීවී සහ සමාජ මාද්‍ය තුලින්.මාලිමාව වපුරපු පට්ට බේගල් සමාජ මාද් ය තුලින් මිනිස්සු ඇදගෙන දැක්කෙ සුරපුරයක් මවන්න ආව දේව දූතයො ලෙසට.ඒ මිනිස්සු ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.අඩුම එහි තේරුමවත් නොදන්න ගමේ උන්දල අනිත් මිනිස්සු එක්ක ආර්ථිකය ගැන තර්ක කලේ හරියට ආර්තික ඔස්තාර්ල වගේ.ඒක කාල 68 ලක්ශයක් චන්දෙ දිල අද විදවනව.අදටත් හාල් නෑ පොල් නෑ..මිල පාලනයක් නැ.බඩු මිල අහස උසට.කෝ 150 පෙට්‍රල්,?? වී කිලෝවට 140ක් කෝ අද?? අන්තිමට විදුලිය පාලනය කරගන්නත් බැ.මුලු රටේම විදුලිය නවතිද්දි තවත් රෙදි ඇදගෙනද ඇමති තනතුරේ ඉන්නෙ?
සමස්තක් ලෙස මෙහි ඇති අදහස් සලකා බැලූකල හෙළි වන්නේ බොරුවට ආයු නැති වගත් එයින් තමන්ම පිරිහෙන වගත්ය. රටේ මූලික අවශ්‍යතා හඳුනාගෙන ඒ වෙනුවෙන් කැප වී වැඩ කරනවා වෙනුවට ඩිජිටල් එකක් පටළවගෙන දැනුත් දඟලන වගක් පේනවා. දියුණු තාක්ෂණය අවශ්‍යයි. නමුත් ප්‍රමුඛත්වය දෙන්න ඕන දේ තියෙනවා රටේ. ණයට ඩිජිටල් අරගෙන තියෙන ආදායමෙන් ඒ ණය ගෙවන එක සහ රටේ සංවේදී දත්ත වෙනත් පාර්ෂවයකට දීම ගැන නැවත සිතිය යුතුය .
තාම කියාගෙන ආපු “පොහොසත් රටත්, ලස්සන ජීවිතයත්“ පෙනෙන තෙක් මානෙකටවත් එන්න බැරිවුණා. ඒක ඉතා දිගු කාලීන ඉලක්කයක් බව කවුරුත් පිළිගන්නවා. ඒත් දැන් ඒක අමතක වෙලා ද මේ “ලස්සන ලෝකය“ ක් හදන්න කතා කරන්නෙ?
වෙනත් පුද්ගලයන් වෙනුවෙන් කඩේ යන්න එපා ඔහුට කරගෙන යන්න ඉඩ දිලා වෙනසක්කලේ නැත්නම් අවුරුදු 5 පස්සේ බලමු මොකද කරන්නේ කියලා
මෙය ඒකේඩි ගේ වරදක් නොවේ, නමුත් අලංකාර බොරුවලින් මුළා වූ නින්දිත හා නිෂ්ඵල වහලුන් කිසිදා නොවූ විරූ ලෙස රැවටුණි. මෙම රජය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. සියලුම වහලුන් අන් අයගේ අදහස් වෙනුවෙන් පෙනී නොසිටිති. ඒ මගේ දෘෂ්ටිකෝණයයි.
විනාඩි පහක් ඇතුළත ලෝක නායකයන්ගේ අවධානයට හා පැසසුමට ලක්වෙන තරමට දක්ෂ හා ප්‍රබුද්ධ දේශනයක් කෙරුව ශ්‍රීලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජාතියේ ප්‍රණාමය !
නයි මුගටි පොලොන් සන්දානේ කස්ටිය උදෙන්ම වැඩ පටන් අරන් , දැන් ඉතින් අවුරදු 5 කම මේ අන්දොනාව අහගෙන ඉන්න එපයි
ගෝලීය උණුසුම ඉහළ යාම, දිළිඳුකම ආමන්ත්‍රණය කිරීම, කෘත්‍රිම බුද්ධිය වැනි තාක්‍ෂණික දියුණුව සහ ණය බර සහ සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීමට එම ජාතීන්ට උපකාර කළ හැකි ආකාරය වැනි අපගේ පෘථිවියේ යථාර්ථයන්ගෙන් පිරුණු කතාවකි මෙය.
රාජපක්ෂ වලව්වේ හේනේ මාමලා උදේ පාන්දරම අපුල්ලන ඇවිල්ලා තව අවුරුදු පහක් ඔය සුමේ කොරපල්ලා.........
අවුරුදු 50ක් තිස්සේ විවිධ රජයන් අපහසුතාවයට පත් කරමින්, උද්ඝෝෂණ, වැඩ වර්ජන, නින්දා, අපහාස, අවලාද, මිනී මැරුම්, කැරලි වලින් 70,000ක් විතර කොල්ලො කෙල්ලො මැරීම්, ගෙවල් ගිනි නැබීම්, බස්, ට්‍රාන්ස්ෆොර්මර් ඇතුලු දේපල ගිනි තැබීම් වල විපාක විඳින්න ලෑස්ති වෙයල්ලා. ජවිපෙ නායකයො කියල තිබුනා උන්ට 88/89 ඉපදිච්ච පරම්පරාවෙන් පස්සෙ පරම්පරාව උපදිනකම් බලය ගන්න බෑ කියලා. හරි නෙ ඉතින් 2000න් පස්සේ පුන්නක්කු කන සෙට් එක ඇවිත්, උනුත් ඇඳගෙන අම්මල තාත්තල බාප්පල පුංචි අම්මලත් අන්දවලා ගෙනාවෙ පුනරුදේ. දැන් සනීප ඇති උන්ට.
මෙතන කමෙන්ට්ස් දාන කුහකයන්ගෙ අදහස් බලාගෙන ගියාම ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ බොරැ කියපු එකම එක්කෙනා අනුර කුමාර සහෝදරයා. ඉතිං අපි එයාට විතරක් දඩුවම් කරමු නේද?
අරවින්ද අරවගොඩ..ප්‍රබුද්ධ දේශනයක්... ඔය අයට තමයි හොඳ..
ලෝකය ලස්සනයි.. ලංකාව තමයි කැත මිනිස්සු නිසා
කමෙන්ට්ස් කරලා තියෙන අයගේ පහත් මානසිකත්වය, කුහකකම හොඳටම පැහැදිලියි. ආසියාවේ ආස්චර්යය. සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා බලයට ආපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ජනතාවගේ...
මේක කමෙන්ට් කරලා තියෙන්නේ NPP එකට ඡන්දෙ නොදීපු අය විතරයි වගේ... බයියෝ ඉන්නකන් රට හදන්න බෑ.