
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කරන ලෙස බලධාරීන්ට කරන බලපෑම යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තෙවැනි අදියර වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණ වී සිටින බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාවලිය තුළ ජනතාව අපහසුතාවට පත්කිරීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමේ කිසිඳු අදහසක් නොමැති බවත් එම සංගමයේ සභාපති ඉංජිනේරු සමන් ඉලුක්තැන්න මහතා අද (8) ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.
බලධාරීන් ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි ආකාරයට කරනු ඇතැයි තව දුරටත් විශ්වාස කරන බව කී ඉලුක්තැන්න මහතා වැඩ වර්ජනයක් දක්වා යෑමට කිසිඳු අදහසක් නොමැති බව ද සඳහන් කළේය.
බලශක්ති අමාත්‍යවරයා, බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, පීඑස්ආර්එස් නිලධාරීන්, ලංකා විදුලිබල මණ්ඩයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා යන පාර්ශව සමඟ කිසිඳු සම්බන්ධතාවක් නොපැවැත්වීමට සහ රැස්වීවලට සහභාගි නොවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 6 වැනිදා සිට ක්‍රියාත්මක කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ මෙම ගැටලුව වැඩවර්ජයකට ගොස් විසදාගැනීමට තරම් විශාල ගැටලුවක් නොවන බවත් ඒ හේතුවෙන් වැඩවර්ජනයකින් අවසන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති යැයි සිතන බවත්ය.
රටපුරා පසුගිය දින කීපයේදී පැවැති වර්ෂා සහ සුළං සහිත කාලයගුණය හේතුවෙන් වූ විදුලිය බිඳවැටීම් තව දුරටත් ප්‍රස්ථාපනය කරමින් ඇති බවත් සෙසු වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බිඳවැටීම් යථාතත්වයට පත්කිරීම ප්‍රමාද වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.
මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවේ වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට ද ඇහුම්කන්දීම බලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් බවත් තමන් ද වැටුප් ලබන සේවකයෙක් වීම නිසා ආණ්ඩුවට හෝ අමාත්‍යවරයාට බලපෑම් හෝ ඉල්ලීම් කිරීමේ හැකියාවක් නොමැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා, ඉංජිනේරුවෝ ඔක්කෝම හිතෙන හිතෙන වෙලාවට බයිට් එකට ගන්නේ සාමාන්‍ය ජනතාව. හැමෝම තම තමන්ගේ ඉල්ලීම් දිනාගන්නේ ලෙඩ්ඩු, පාරිභෝගිකයෝ ප්‍රාණ ඇපයට අරගෙන.
නකුට බල්ලව වනන්නද හදන්නේ ?
රුපියල් මිලියන පන්ලක්ශ 55000ක් දල වශයෙන් රජයට පාඩුකල, තවමත් මේ කාලකන්නින් ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින විදුලි බල මන්ඩල මාෆියාව ජනතාව දැඩිලෙස පිලිකුල් කරමින් සිටී. වැඩ කල නොහැකි පිරිසට සේවය අත හැර යා හැක. ඒ වෙනුවට අලුත් වැඩ කල හැකි කන්ඩායමක් ඉදිරිපත් වීමට බලා සිටී. රජය මේ කාලකන්නින් වෙනුවෙන් දැඩි පියවර ගත යුතුයි. අපි ජනතාව වෙනුවෙන් රජය සමගයි.
ආණ්ඩුවට අනිවාර්යයෙන්ම IMF කියපු විදිහට ප්‍රතිවියුහගත කිරීම් වලට යන්න වෙනවා. එහෙම නොකලොත් විදුලිබිල තව තව ඉහල දමන්න වෙනවා ,දැන් දශක කිහිපෙක සිට ලංවිම සේවකයන්ගේ ඉංජිනේරුවන්ගේ හොරකම් මැරකම් බලමින් සිටින ජනතාවගේ ඉවසීමේ සිමාව ඉකුත් වී ඇත , නැවත වර්ජන කලොත් ඔවුන් ජනතාවගෙන් ගුටි කෑමට නියමිතය
විරෝධතා දක්වන්න, රැකියාවෙන් දොට්ට දමන්න.
මේ අය ඔක්කොම නොමරා මරන්නේ මේ අයට පඩි ගෙවන්න ආණ්ඩුවට සල්ලි දෙන මිනිස්සුන්වමයි. සාමාන්‍ය මනුස්සයෙක් දරුවෙකුට ටොපියක් ගත්තත්, පලතුරක් ගත්තත් ඒවට ගෙවන එකෙන් ගාණක් ආණ්ඩුවට යනවා. ඒවයෙන් පඩිගන්න රජයේ සේවකයෝ, කේවල් කරන්න ගන්නේ ජනතාවට සපයන සේවය.
අසා , කියවා , ඇති විදිහටත් ඔවුන්ගේ ක්‍රියාපටිපාටියේ විදිහටත් ලංවීම යනු හොර ගුහාවකි. පිරුණු ජලාශ වහා හිඳෙන්නේ ඒ නිසාවෙන් විය හැකිය. විදුලි කණුවේ සිටම හොරකම පටන් ගන්නා වග ඇසුවේ එහිම වැඩකළ කෙනෙකුගෙනි. ගෙදර සිට අතිකාල දාගන්නේ තෙල් සේවකයන් ලෙසින්ම. විය යුතුය. ප්‍රතිව්‍යහගතකර හෝ වෙනත් ආකාරයකට එය පවිත්‍ර කල යුතුය. විදුලිබිල ජනතාවට බරක්ව ඇත්තේ ඔවුන්ගේ නොමනා ක්‍රියා නිසාවෙනි.
ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කරන්නලු සාකච්ඡා බැහැලු, ඒ කියන්නේ ඇත්ත උවමනාවක් හෝ ඇත්ත ප්‍රශ්ණයක් නැහැ කියන එකද මේ කියන්නේ ?
මෙයාලගේ ෂර්ලොක් න්‍යායෙන් මේ රත්මලාන ඉල්ලන ක්‍රියාවලියට යන්න බැහැ
මේ ස්ට්‍රයික් එකක් කරන්න හදන්නේ අර ජාතික සේවක සංගමය කියල ඒ දවස්වල තිබ්බේ බයිසිකල් චේන් අරගෙන ගිය අපතයෝ ටිකක් හිටපු රටේම හොරිකඩයෝ හිටපු යුඇන්පී යේ ඉතිරි වෙලා තියෙන රොඩු මන්ඩි ටිකක්, සජබේ එවුන් ටිකක් පොහොට්ටු ශ්‍රී ලංකා උන් ටිකක් නේද? මුන්ට කර ගන්න පුළුවන් කෙහෙම්මලක් නැහැ. ඒ හින්ද තමයි ජනාධිපති සැක නැතුව කිව්වේ කරන්න ස්ට්‍රයික් කියලා. මුන්ව සේවයෙන් පහ වුනහම අලුත් අය බඳවා ගන්න තියෙන්නේ.
මේකට තිබෙන එකම විසදුම අර IMF එක කියන විදිහට ඉතා දැඩි ප්‍රතිව්‍යුහගත කිරීමකට යන එක, එහෙම නොකර දිගටම මේ විදිහට ගියොත් තව අවරුදු 3-4 තුළ අපේ විදුලිබිල දෙගුණයක් වෙලා, ආර්ථිකය කඩා වැටිලා විශාල විනාශයක් වෙනවා... ස්ට්‍රයික් කළොත් අපි සියලු දෙනාම එකතුවෙලා අර අරගලේ කළා වගේ විශාල උද්ගෝෂණයක් සංවිධානය කරලා විදුලි සේවකයන්ට විශාල පීඩනයක් දෙන්න ඕනේ... ඔවුන් හොර OT නොදා, කොමිස් නොගහ, හොරකම් නොකර හරියට වැඩ කළා නම් මේ ප්‍රශ්නේ මෙතරම් බරපතල වෙන්නේ නැහැ...
ආණ්ඩුවේ හෙන්චය්යන්ගේ ටෝන් එක වෙනස් වෙලා තියෙන හැටි බලන්නත් අපූරුයි. වර්ජකයන් කරේ තියන් ගිය උදවිය දැන් වර්ජකයන් රට කන්න ආපු කාලකන්ණින් කියනවා.
මේ වැඩෙන් වෙන්නේ රටේ ඉගන ගත්ත හැම එකාම රටෙන් එලවන එක... වෛද්‍යවරුන්ට, නීතීඥයින්ට තමන්ගේ තනතුර වාහනයක් දාන්න බෑ. ඉංජිනේරුවෝ තැපැල් නිලධාරීන් රජයේ නිලධාරීන් හොරු. මේකේ ඉන්න ඩෝබිලා විතරයි හරිම සාධාරණ. හැබැයි profile lock. කොහොමත් ළගදීම වැස්ස ආවාම බලාගන්න පුළුවන්. බිත්තරය 65 ට තියෙද්දී තිබ්බ රයිස් එක එ ගානමයි. හතු පැකට් එකක් ගතතොත් ඇතුලේ ඔක්කොම රොඩු. කඩේම පලයල්ලා. ළගදීම CEB එකත් විකුණලා බිල 50% විතර වැඩි වුණාම වෙන නාට්යයක් බලාගෙන ඉදපල්ලා.