
(යොහාන් භාසුර)
ආණ්ඩුව හදුන්වාදුන් නව ආදායම් බදු ක්‍රමවේදයට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (3) දිවා විවේක කාලයේදී අස්සන් ලබාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේය.
‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ මෙම අස්සන් ලබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේය.
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සාමාජිකයන් බදු ක්‍රමවේදයට විරෝධය දක්වමින් අස්නන් යෙදූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් ලංවිම විසින් ගෙවන ලද පඩිය භුක්ති විඳිති. දැන් ඒ අයටත් වැඩි මිලට ගෙවන්න වෙලා තියෙන්නේ තමන්ගේ අතින්. අපි පෞද්ගලික අංශයේ සියලුම බදු ගෙව්වේ අපේම අයගෙන්. රජයට සියලු පුරවැසියන්ට සමානව සලකන්න බැරි ඇයි?
මෙම ආයතනයේ අන්තිම පහලම සේවකයින් පවා ලක්ෂයක් ඉක්මවා මාසිකව වැටුප් ගන්නවා කියලා හිතෙනවා මම හිතන්නේ රටේ සියලු බදු පනවා තියෙන්නෙ රටේ කටයුතු කිරීමට කියලා තමයි ඉතින්. මොවුන් කියන ආකාරයට රටේ වැඩ කරන්න මුදල් දෙන්න ඕනි කවුද ? රජයෙන් දෙන රුපියල් දෙදාහක් පමණවූ මහජනාධාරයෙන්, සමුර්ධි දීමනාවෙන් මාසය ගතකරන ජනතාවක් සිටින රටක මාසිකව ලක්ෂ ගණනක් ගන්න අයට .තමන්ගෙ රට වෙනුවෙන් සුලුවෙන් හෝ කැපවීමක් කරන්න බැරිනම් ඔවුන්ට අමතන්න ඕන කොහොමද කියලා හිතාගන්න බැහැ
උඹලාගෙ බදු ගෙවන්නෙත් අපේ බිල් වලින්
ලංවිම සියලුම අය ඔය බද්දට අහු වෙනව. නමුත් පුද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ ඉහල විධායක මට්ටම තමයි අහු වෙන්නෙ. ඉතින් ගැරඩින්ට බූමිතෙල් වැදුණා වගේ ඔය නැටිල්ලලෙන් ම පේනව මේ කට්ටිය මොන තරම් ගැනිල්ලක් ගන්නවද කියල.
පිනට කන්න හිතාගෙන ඇති . මොවුන්ගේ විරෝධතාවය සතේකට මායිම් කරන්න එපා. අපි ගෙවන්න ලැහැස්ති නම් මොවුන්ට බැරි ඇයි?
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සාමාජිකය ඇතුළු බදු ක්‍රමවේදයට විරෝධය දක්වන කණඩායම් ඉදිරිපත්කරන විකල්පය / විසදුම කුමක්ද ?
පාඩු ලබන ආයතනයක සේවකයින්ගේ ආදායමේ තරම පේනවනේ? තව බිල වැඩිකරපල්ලා...