(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර මහතා එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබේ.
එම මණ්ඩලයේ පාරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවත් 2015 වසරේ සිට වසර තුනකට වරක් හිමිවූ සියයට 25 ක වැටුප් වර්ධකය ද නොගෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමැතිතුමනි, බත් තියන පතට කොසුත් බෙදන්න එපා. ඔබතුමාගේ රත්තරන් තාත්තගේ අඩි පාරේ සබුද්ධික මනසකින් පෙරට පියවර තබන්න. 80 දශකයේ විදුලිබල මණ්ඩලයට තමයි සංස්ථා මණ්ඩල අතරින් ඉහළම වැටුප් පරිමාණයක් ලබාදුන්නේ. කලත්‍රයින් ජෝඩුවටම තත් මණ්ඩලයම තමයි පළමු වතාවට නිවාස ණය දුන්නේත්. වරදක් නෑ... ඇත්තෝ කති බොති...
වසර පුරා කොමිස් කුට්ටි, දැවැන්ත වැටුප් හා අතිකාල. මේවා තමයි ප්‍රසාද... තව මොන දීමනාද...?
වැඩකරන මිනිස්සුන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න බැරි දූෂිත පාලනයේ නායකයාට තමන්ගේ එහෙයියන්, ගැත්තන් බුරුතු පිටින් රැගෙන ලෝකය වටේ රවුම් ගහන්න බාල් නටන්න සල්ලි තියෙනවා.
නිලධරීවාදයෙන් අකාර්යක්ෂමතාවයෙන් මෙන්ම දූෂණයෙන් පිරුණු මහජනයා පෙළන ලංවීම හා දූෂිත දේශපාලකයින්ගේ ගැටුම දෙස සතුටින් බලාසිටිමු...!
මෙකරම් දෙයක් කරලත් නිෂ්ශබ්දව ඉන්න එවුන්ට හොඳ වැඩේ.
ලංවිම වරාය සිපෙට්කෝ තුනේම සේවකයෝ විදේශ ගත රැකියාවලට සමාන ආදායමක් ගන්නව.තව මොනවද දෙන්න ඕන. ඒ සියල්ලෝම ඔය වැටුප් දීමනා ගත්තේ මහජනතාව පීඩාවට පත්කර වැඩ වර්ජන තර්ජන මගින්. ඕව නැතිභංග වී යනවා නිසැකවම....
වහාම වර්ජයනයක් කරමු .. JVP අපි