
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියකුට විශ්‍රාම වැටුප් ගෙවීම තීරණය කර ඇතැයි එම මණ්ඩලයේ සේවකයෝ චෝදනා කරති.
අදාල විගණන නිලධාරියාට විශ්‍රාම වැටුප් ගෙවීම විදුලිබල මණ්ඩලයේ පැවැති අධ්යක්ෂ මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබියදී එම මණ්ඩලයේ අනු කමිටුවක් වන විශ්‍රාම වැටුප් අරමුදල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බවත් නව ආණ්ඩුව පත්කළ සභාපතිවරයා යටතේ මෙවැනි අකටයුතුකම් වීම කෙසේවත් පිළිගත නොහැකි බවත් සේවකයෝ පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන දේපළක් වන එම අරමුදල අවභාවිත කිරීම දූෂණ විරෝධී පනත යටතේ විශාල වරදක් බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.
මෙය විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වයස අවුරුදු 55 න් පසුව විශ්‍රාම වැටුපක් ගෙවීමට සේවකයන්ගේ කිසිදු මූල්‍ය දායකත්වක් නොමැතිව ලංකා විදුලිබල මණ්ඩල පනතේ ප්‍රතිපාදනවලට අනුව පිහිටුවූ අරමුදලක් බව කියන සේවකයෝ එම මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එම අරමුදල පරිපාලනය කරන බව ද සඳහන් කරති.
විදුලිබල මණ්ඩලයේ වසර 20ක් හෝ ඊට වැඩි අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන්ට පමණක් මෙම විශ්‍රාම වැටුපට සුදුසුකම් ලබන බවත් විශ්‍රාම වැටුපට සුදුසුකම් නොලබන නිලධාරියෙකුට විශ්‍රාම වැටුප් ගෙවීමට එම කමිටුව අන්දොලාත්මක තීරණයක් ගෙන ඇති බවත් ඔවුහු කියති.
විශ්‍රාම වැටුප නිර්දේශ කරන ලෙස මෙම නිලධාරියා පසුගිය ජූලි මාසයේදී විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ ඉල්ලීම පැවැති අධ්යක්ෂ මණ්ඩලය වසර 20 ක අවම සේවයක් සම්පුර්ණ කර නොමැති වීමේ හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බව කියන එම මණ්ඩලයේ සේවකයෝ ඒ මහතා ඉන් පසුව විශ්‍රාම වැටුප් කමිටුවට යොමු කළ ඉල්ලීමකට අනුව අදාල නිලධාරියා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලය ද සැළකිල්ලට ගෙන ඇති බවත් සේවකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සභාපතිට අයිති සමාගමක් විදුලි බල මණ්ඩලය සමඟ ගනුදෙනු කරනවා. එතනම සදාචාර විරෝධී. ඒ වුනාට මාලිමාවට මේවා විද්‍යානුකූල පත්වීම්.
ඒ වුණාට අපේ සභාපති හරි අවංක කෙනෙක් . මේක හොරුන්ගේ කුමන්ත්‍රණයක් . අනික කීයටවත් අපි ඒ සභාපති අයින් කරන්නේ නැහැ .හෙට විජිත හේරත් කියන ටික.
හොඳ හොඳ සෙල්ලම් 14 පස්සේ හොඳේ. ඒ නිසා පාඩුවේ හිටපල්ලා.
කිසිදු ප්‍රතිචාරයක් නොමැත කියන්නේ ජේව්පි එවුවෝ හොදටම අනාථ වෙලා.
හිඟා කෑවා නම් මීට වඩා නම්බුයි