
(යොහාන් භාසුර)
ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක මුදලක් විදයම් කිරීමේ චෝදනාවට අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයට අද (21) කැඳවන බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ විශ්‍රාම ලත් විනිසුරුවයෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවට අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය කැඳවා ඇති බවත් එහිදී චෝදනාවට අදාල සපත්තු කුට්ටම සහ බෑගය රැගෙන එන ලෙස දන්වා ඇති බවත් එම නිලධාරියා කීය.
අදාල නිලධාරිනිය ප්‍රංශ සවාරිය අවසන් කර පැමිණීමෙන් පසුව අතිරේක සාමාන්‍යාධිකාරි ව්‍යාපෘති තනතුරෙන් ඉවත් කර සාමාන්‍යාධිකාරී කාර්යාලයට ස්ථාන මාරු කිරීමට ද එම මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පියවර ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් වෙනුවෙන් මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලයේ මුදලින් රුපියල් 63,000 ක් ගෙවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.
‘ලංවිම ලොක්කියක - හැටතුන්දාහට ගත් සපත්තු - බෑග් බිල මණ්ඩලයෙන් ගෙවලා’ යන ශීර්ෂය යටතේ එම සිද්ධිය පසුගිය නොවැම්බර් මස 24 වැනිදා ‘ලංකාදීප’ පුවත්පතේ පළවූ අතර අදාල සිද්ධිය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා දැනුවත් වීමෙන් පසුව ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ඇරඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන චාරිකාවෙන් ඉගෙන ගත්තේ මොනවද කියලත් බැලුවානම් හොඳයි
දේශපාලුවො අපේ බදු සල්ලි කන හැටියට ඕක මොකක්ද පුලුවන් කෙනෙක් ඉන්නවනම් අන්න ඒවට නිසි පියවර ගන්න
මාධ්‍යයෙන් ඇද්දෙ නැත්නම් වැඩේ යට යනවා. පස්සෙත්.ඉතින් ඒකම තමයා වෙන්නෙ
ඒගොල්ලෝ business management , customer care හොඳට කරලා තියෙන්නේ. වැරදි කරන්නේ බේරෙන ක්‍රම දන්නා නිසා. මේක සාමාන්‍ය දෙයක්.
කමක් නැහැ. තව බිල වැඩි කරන්න.
රටේ ඇතැම් දේශපාලනඥයින්ට වඩා හොර , දුෂිත සහ වංචාවන්හි නිරතව සිටින නිලධාරීන් පිරිසක් සිටින බැවින් මොවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගතයුතුය. රජයේ මුදල් වැය කරමින් අධ්‍යන චාරිකාවල නිරතවන උසස් නිලධාරීන් වැඩි දෙනා ඒවා රට වෙනුවෙන් නොව ඔවුන්ගේ පෞද්ගලික සංචාරයන් බවට පත් කරගෙන ඇත. මේ ගැනද සොයා බැලිය යුතු අතර අධ්‍යයනයෙන් ලබාගත් දැනුම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීම වර්තමානයේ සිදු නොවන්නේද ?
රටේ සිදුවුණු වංචා අනුව නම් මේක සුවිපින් කේස් එකක්...
කෝටි ගණන් හොර වැඩ කරන අය පැත්තක.. කිසිම අවුලක් නැහැ.
ඔය AGM ලා ඔක්කෝම ඉංජිනේරු සංගමේ අය. මාෆියා සංගමෙන් ඕකත් යටගහයි.