
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයකදී අභාවප්‍රාප්ත වී ඇතැයි ලෝක ගිනස් වාර්තාව අද (27) ප්‍රකාශ කළේය.
මියයන විට ජෝන් ටිනිස්වුඩ් 112 වැනි වියේ පසුවිය. මීට පෙර ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාව අත් කරගෙන සිටි වෙනිසියුලාවේ 114 හැවිරිදි ජුවාන් විසේන්ටේ පෙරේස් මිය යාමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී ජෝන් ටිනිස්වුඩ් ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාව හිමිකර ගත්තේය.
ජෝන් ටිනිස්වුඩ් ටයිටැනික් ඛේදවාචකය සිදුවූ 1912 වසරේ අගෝස්තු මස 26 වැනිදා උපත ලබා තිබූ අතර ඔහු ලෝක යුද්ධ දෙකකින් සහ ගෝලීය වසංගත දෙකකින් දිවි රැකගත් වාසනාවන්ත අයෙකු ලෙස සැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd