IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලොව වයස්ගතම පිරිමියා මියයයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයකදී අභාවප්‍රාප්ත වී ඇතැයි ලෝක ගිනස් වාර්තාව අද (27) ප්‍රකාශ කළේය.

මියයන විට ජෝන් ටිනිස්වුඩ් 112 වැනි වියේ පසුවිය. මීට පෙර ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාව අත් කරගෙන සිටි වෙනිසියුලාවේ 114 හැවිරිදි ජුවාන් විසේන්ටේ පෙරේස් මිය යාමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී ජෝන් ටිනිස්වුඩ් ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාව හිමිකර ගත්තේය.

ජෝන් ටිනිස්වුඩ් ටයිටැනික් ඛේදවාචකය සිදුවූ 1912 වසරේ අගෝස්තු මස 26 වැනිදා උපත ලබා තිබූ අතර ඔහු ලෝක යුද්ධ දෙකකින් සහ ගෝලීය වසංගත දෙකකින් දිවි රැකගත් වාසනාවන්ත අයෙකු ලෙස සැලකේ.



අදහස් (0)

ලොව වයස්ගතම පිරිමියා මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site