
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව වේගවත්ම මෝටර් රථය නිපදවීමට ලොව ප්‍රධානතම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන බී.වයි.ඩී සමාගමට හැකියාව ලැබී ඇත. "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝ මීටර 496.22 ක උපරිම වේගයක් වාර්තා කර ඇත.
චීනයේ බී.වයි.ඩී සමාගම මෙලෙස බිඳ දමා ඇත්තේ බුගාටි චිරෝන් සුපර් ස්පෝර්ට් 2019 හිමිකර ගෙන තිබූ වාර්තාවය. බුගාටි චිරෝන් මෝටර් රථයට පැයට කිලෝ මීටර 490.5 ක උපරිම වේගයකින් ධාවනය වීමේ හැකියාව ඇත. විද්‍යුත් මෝටර් රථයක් මෙම වාර්තාව හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වේ. "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" රථය චීනයේ ඇමෙරිකානු ඩොලර් 233,000 ක් මුදලකට (රුපියල් කෝටි 7 ක් පමණ) අලෙවි වේ.
ලෝකයේ අලුත් වාහන අලෙවියෙන් සියයට 50 ක් හිමිකර ගැනීමට විද්‍යුත් මෝටර් රථවලට මේ වනවිට හැකියාව ලැබී ඇති අතර "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" මෝටර් රථය හේතුවෙන් ලොව වේගවත්ම මෝටර් රථයට හිමි වාර්තාවද මේ වනවිට විද්‍යුත් මෝටර් රථවලට හිමිවී ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොව වේගතවත්ම මෝටර් රථය
ගුණරත්න Saturday, 27 September 2025 12:09 PM
විදුලි වාහන පැට්‍රල් වාහනයට වඩා වාසිය තමයි එන්ජිම වෙනුවට මෝටරයක් තිබෙන නිසා ඉහළ බලයක් ඉක්මනින් උත්පාදනය කරන්න පුළුවන්කම. ඉතින් මේක පුදුමයක් නොවෙයි. අනාගතය විදුලි වාහන. නමුත් අපේ ආණ්ඩුව පරණ හණමිටි ක්‍රමයේ නිසා ඔවුන් විදුලි වාහන ආනයන කරන්නත් විවිධ තහංචි පනවලා තිබෙනවා.