
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මහත් ආන්දෝලනයට තුඩු දුන් දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ කාවඩි සහිත 06 වැනි පේලි පෙරහර දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ වීදී සංචාරය කළේය.
මෙම කාවඩි පෙරහර දැක බලා ගැනීමට 40000 කට අධික ජනකායක් දෙවිනුවර මග දෙපසට රැස්ව සිටි අතර ඔවුන් ඇතුළු පෙරහරේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500 කට අධික පිරිසක් ඇතුළුව ත්‍රිවිධ හමුදාව යොදා ගෙන තිබුණි.
ඊට අමතරව ජනතාව අතරට සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 200 කට අධික පිරීසක් එක් කර තිබුණේය.
විවිධ පාතල තර්ජන මැද ඇරඹී කාවඩි පෙරහරට එක්වු සෑම ශිල්පියකුට පෙරහැර ආරම්භ කිරීමට පෙර පරික්ෂාවට ලක් කල අතර ඔවුන්ගේ නාම ලේඛනයක් ද පොලීසිය සකස් කර ගනු ලැබීය.
එම පරික්ෂාවේ දී ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ලග තබා ගත් තිදෙනෙකු ද කොටු වු බව පොලීසිය කියයි.
මීට අමතරව පෙරහරේ ගමන් කළ සෑම කාවඩි කණ්ඩායමකටම පොලිස් නිලධාරීන් සිව් දෙනා බැගින් යොදවා තිබු බව දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ රජයේ ක්‍රියාකාරකම් හැමදෙනාම පක්ෂ භේදයකින් තොරව අගය කළ යුතුමයි. කුඩ්ඩන්ට, පාතාලයට රට බාර දීපු යුගය ඉවරයි කියලා හැමදෙනාම මතක තබාගත යුතුයි. රාජපක්ෂ පරපුර පාතාලේ උන්ගේ පස්ස හැදුවට, මහජන ආරක්ෂාවට කැපවුණු "ආනන්ද විජේපාල" අමාත්‍යතුමා කොන්ද පණ තියෙන නියම නිර්භීත සිංහලයෙක් බව රටට පෙන්නුවා! මගේ ප්‍රණාමය!!!
දෙවියන්ට කළ හැක්කක් නොමැත. ඔප්පු වූ තවත් අවස්ථාවක්
සමාවෙන්න මෙහෙම කියනවට, නමුත් මේවා කිසිම ප්‍රසන්න හැඟීමක් ගෙනෙන දර්ශන නොවේ.