IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ලොව පැරණි රැකියාවට මැඩගස්කරයෙනුත් ඇවිත්

(රෝෂන් තුෂාර)

මෙරට රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා මැඩගස්කරයේ කාන්තාවන් රවටා මෙරට තුළදී බලහත්කාරයෙන් ගණිකා වෘත්තීයේ යෙදුවේ යැයි කියන මැඩගස්කර කාන්තාවක් ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා  නියෝග කළේය.

වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් මැඩගස්කර් කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන මැඩගස්කර් ජාතික සැකකාරිය තැනැත්තන් ජාවාරම් හා විමර්ශනය කිරීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයට මැඩගස්කර් කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මාස පහමාරක් තිස්සේ වීසා නොමැතිව රැඳී සිටින සැකකාරිය මැඩගස්කර් කාන්තාවන්ට රැකියා ලබා දෙන බවට අඟවා මෙරට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බව ද පැවසීය.

අදාළ කාන්තාව විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින්,තමන්ට සමාව ලබා දී සිය රටට යෑමට මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත්ව ඇති චෝදනා අනුව පොලිසිය විමර්ශන සිදුකරන බැවින් මුදා හැරීමේ තීරණයක් අධිකරණයට ගත නොහැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

රහස් පොලිසිය ඇමතූ මහේස්ත්‍රාත්වරයා වින්දිතභාවයට පත් කාන්තාවන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කරන ලෙස ට දන්වා සිටියේය.

 



අදහස් (4)

ලොව පැරණි රැකියාවට මැඩගස්කරයෙනුත් ඇවිත්

MD Friday, 12 September 2025 08:22 AM

බොහෝවිට ගැහැණියකට වින කරන්නේ ගැහැණියක්ම තමා.අගමැතිනි පුමුඛ ගොබ්බ මාලිමා මන්ත්‍රී කාන්තාවන් රටේ නූගත් කාන්තාවන්ගේ මනස විකෘති කරලා මොලවල් හෝදලා දැනටමත්.සාපයක්

:       48       14

Pradeep KumaraFriday, 12 September 2025 02:07 PM

මේ MD කියන හාදයා මොනවද කියන්නේ කියලා එයාටවත් තේරුනාද දන්නෑ. හරියට කලින් පැවති ආණ්ඩු වලින් රටේ කාන්තාවන්ට සුර සැප දුන්නා වගේ කතාව. අඩුම තරමින් පාර්ලිමේන්තු නියෝජනය කරන්නවත් කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලැබුනේ මේ ආණ්ඩුව කාලයේදී.

:       8       13

Chandana Saturday, 13 September 2025 07:19 AM

MD ගොබ්බයා මොනවද මේ.. යන්නෙ කොහේද මල්ලෙ පොල්... වගේ...

:       0       0

chinthana Friday, 12 September 2025 08:25 AM

මැඩගස්කර් තානාපති කාර්යාලයක් ලංකාවේ තියනවද ?

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site