
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ 38 හැවිරිදි එරින් හනීකට් නැමැති කාන්තාව ලොව දීර්ඝතම කාන්තා රැවුල සඳහා වූ ලෝක වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
හනීකට්ගේ සෙන්ටිමීටර 30 ක් දිගට රැවුල වවා තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
ඇයගේ සිරුරේ තිබෙන හෝමෝන අසමතුලිතතාවයක් හේතුවෙන් මෙසේ අසාමාන්‍ය ලෙස රැවුල වැවෙන බව වෛද්‍යවරුන් පවසා ඇත.
තමන් ගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සෙන්ටිමීටර 30 ක් දිගට රැවුල වැවීම සඳහා කිසිඳු පෝෂකයක් අවශ්‍ය නොවූ බවත් දවසට තුන් වරක් රැවුල කැපීමට පුරුදු වී සිටි තමා එම පුරුද්ද අත්හැරීමෙන් පසු අවුරුදු දෙකක් තුළ සෙන්ටිමීටර 30 ක් දිගට රැවුල වැවුනු බවත් හනීකට ප්‍රකාශ කර තිබේ.
ප්‍රථම වරට අවුරුදු 13 දී රැවුල වැඩීම ආරම්භ වූ බව ඇය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැව්වේ උඩු රැවුලද යටි රැවුලද?