
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව අපිරිසිඳුම මිනිසාට වයස අවුරුදු 94 දී ස්වභාවික මරණයක් අත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෝ හාජි නමින් හඳුන්වන මෙම පුද්ගලයා වසර 50 කින් ස්නානය කර නැතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. එසේම ඔහු වසර 60 කින් සබන් ගා නොමැති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
මිය යාමට මාස කිහිපයකට පෙර ඔහු වාසය කළ ගමේ, ගම් වාසීන් එකතු වී අමෝ හාජි නහවා පිරිසිඳු කර ඇති බව ඉරාන මාධ්‍ය පෙන්වා දුන්නේය.
අමෝ හාජි ඉරාන ජාතිකයෙකි.
පිරිසිඳුකම තමාව රෝගී කරවනු ඇතැයි හාජි විශ්වාස කළ බව පැවසෙයි.
තරුණ කාලයේදී ඇතිවූ මානසික පීඩනයක් හේතුවෙන් මෙසේ අපිරිසිඳුව ජීවත්ව ඇතැයි ඉරාන මාධ්‍ය ප්‍රකශ කළේය.
හාජි මිය යෑමෙන් පසු ලොව අපිරිසිඳුම මිනිසා යන අන්වර්ථ නාමය හිමිවන්නේ ඉන්දියානු ජාතිකයෙකුට බව පැවැසෙයි. ඔහුද තම ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණය ස්නානය කර නොමැති බව පැවසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑම අපිරිසිදු මිනිස්සු ඉන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ... ඔවුන්ගේ පාහර, තක්කඩිකම් තමයි ඔවුන්ව අපිරිසිදු මිනිස්සු කරන්නේ... හැබැයි ඒ පිරිසිදු තක්කඩි ඉන්නේ නම් දිලිසි දිලිසි සුදු ඇඳගෙන...
අනිත් කෙනා තමයි අපේ අනුර කුමාර...
කිසිම දෙයක් බලහත්කාරයෙන් කරන්න එපා. මොකද අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි. මේ මනුස්සයා හිටපු විදිහට ඉන්න දුන්නා නම් ඉවරයි. අනවශ්‍ය වැඩක් මිනිස්සු කරලා තියෙන්නේ.!
ඒකම තමයි මම ස්නානය නොකරන්නේ.