
(මනෝප්‍රිය ගුණසේකර)
මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් නමැත්තන් මීට වසර 14කට පෙර අතුරුදන් වීම සම්බන්ධයෙන් පවරා ඇති හබයාස් කෝපුස් පෙත්සම් වලට අදාළව සාක්කිදීමට සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ආරක්ෂක හේතූන් මත තම සේවාදායකයාට යාපනය අධිකරණයේ සාක්කි දීමට අපහසු බවත් කොළඹ ප්‍රදේශයේ අධිකරණයකදී සාක්කි දීමට තම සේවාදායකයා සූදානම් බවත් වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් නමැත්තන් 2011 දෙසැම්බර් 09 වැනිදා යාපනය ප්‍රදේශයේදී අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් පවරා ඇති නඩුවලට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩු වලට අදාළව සාක්කි දීමට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් 2019 වසරේදී ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එවක කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි නිකුත් කර තිබුණත් ඊට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කෙරිණී.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලලිත් සහ කූගන් නඩුවට සාක්කි දෙන්න ගෝඨා සූදානම්
Chathuri Wednesday, 30 July 2025 09:47 PM
දැන්. කියයි මගෙ සේවා දායකයා නිර්දොශයි කියලා. මර්වින් සිල්වා. ඔහු කියනවානෙ. ගෝටාගේසේරම හොරකම් මිනිමැරුම් එයා දන්නවා. ඕනමදේකට. සාක්ශිදෙන්න එනවා කියලා. ඔහුවත් මේ නඩුවේ සාක්කිකාරයෙක් වශයෙන් බදවා ගන්න. අය්යලා මල්ලිලා බේබිලා. වැන්දබුවෝ. මේ සේරටම නඩු තියෙනවා
අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 09:54 AM
අනිත් නඩු වලටත් ඔය වගේම ඇවිල්ලා මුහුණ දෙන්න පුරුදු වෙන්න සෑර්........