
(රෝෂන් තුෂාර)
දේශපාලන වාසි ගැනීමට හා රටේ නම විනාශ කිරීමට ඇතැම් පුද්ගලයින් පැහැර ගැනීම් සිද්ධීන් භාවිතා කර ඇති බව හිටපු ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔන්ලයින් ඔස්සේ සාක්ෂි දෙමින් පැවසීය.
දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් 2011 වසරේ යාපනයේදී අතුරුදන් කිරීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදෙමින් එසේ පැවසීය.
සාක්ෂි මෙහෙයවීම යාපනය මහේස්ත්‍රාත් ලෙනින් කුමාර මහතා ඉදිරියේ සිදුකෙරුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගයිස් බෝධරගම මහතා හමුවේ සිට ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබාදීම සිදු කළේය.
2011 වසරේ දෙසැම්බර් 10 වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව, අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවයක් සංවිධානය කරමින් සිටියදී යාපනය, ආවරංගල් ප්‍රදේශයේදී ලලිත් - කූගල් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මෙම සාක්ෂි විභාගය සිදු කෙරිණි.
2019 අවස්ථා දෙකකදී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි නිකුත් කර තිබූ අතර ආරක්ෂක හේතූන් මත යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වු බව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබිණි. අදාළ නඩුව සම්බන්ධයෙන් අභියාචනාදීකරණයෙන් නියෝගයක් ද ලබා ගැනීම සිදුකළ බවද රාජපක්ෂ මහතා සාක්ෂි දෙමින් පැවසීය.
යාපන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට නීතිඥ නුවන් බෝපගේ මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන්ට ලද රජකාරිය විස්තර කරමින් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සිද්දී තමන්ට නිසි පරිදි මතකයට නොනැගෙන බව පැවසීය.
අසන ලද අතුරුදහන් කිරීම් මීට වසර 15 කට පමණ පෙර සිදුවූවක් බවත් , තමන්ගේ රාජකාරිය රාජ්‍ය ආරක්ෂක ආයතන සම්බන්ධීකරණය කිරීම පමණක් බවත් නියෝග ලබාදීමක් තමන් සිදුකර නැති බවත් පැවසීය.
සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණු අතර වැඩිදුර සාක්ෂි සටන් කර ගැනීම නොවැම්බර් මස 27 වන දක්වා කල් තැබුණි.
එදිනට සාක්ෂි දීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නියම කළේය.
---------------------------------
ලලිත් සහ කුගන් නඩුවට සාක්කි දෙන්න ගෝඨා අධිකරණයට
(රෝෂන් තුෂාර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීයේය.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලලිත් සහ කුගන් යන පුද්ගලයින්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට ඔන්ලයින් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහා ගෝඨාභය මහතා අධිකරණයට පැමිණ ඇති බව සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd