
(අංජුල මහික වීරරත්න)
දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ ශිෂ්‍යත්වයෙන් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බව ජනාධිපතිවරයා කීය.
හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින් සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය(Post Graduate for Research ) ලලිත් අැතුලත්මුදලි නමින් නම් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා එක්වෙමිනි.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13දා ආරම්භ කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙම කරන්න එපා එහෙම වුණොත් පොහොට්ටුවේ අයට ආයේ වතාවක් නූගතුන්ට රජයේ සේවයේ රැකියා දෙනවා කියලා පොරොන්දු දෙන්න බැරිවේවි.. පොහොට්ටුවට සාමාජිකයින් නැතුව යාවි... අද සමුලුව තියපු දවසේම ඔහොම කරන්න නරකයි...!
ඉතාම හොඳ අදහසක්... මා දන්නා ලලිත් ඇතුලත්මුදලි නම් මිනිසා, තරම් ජනතාවට ආදරය කළ, නිර්මානශීලි මිනිසුන් මට මුණගැසී ඇත්තේ ඉතා අතළොස්සකි. ඔහුට නිවන් සැප ලැබේවායි පතන්නේ මාද ඔහුගේ මහපොළ ආධාර නිසා ඉගෙනගත් ශිෂ්‍යෙයක් නිසාවෙනි.