
(අංජුල මහික වීරරත්න)
දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ ශිෂ්‍යත්වයෙන් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බව ජනාධිපතිවරයා කීය.
හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින් සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය(Post Graduate for Research ) ලලිත් අැතුලත්මුදලි නමින් නම් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා එක්වෙමිනි.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13දා ආරම්භ කෙරිණි.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලලිත් ඇතුලත්මුදලි නමින් පශ්චාත් උපාධි පීඨයක්
මරිසිපාල Friday, 15 December 2023 05:35 PM
අනේ එහෙම කරන්න එපා එහෙම වුණොත් පොහොට්ටුවේ අයට ආයේ වතාවක් නූගතුන්ට රජයේ සේවයේ රැකියා දෙනවා කියලා පොරොන්දු දෙන්න බැරිවේවි.. පොහොට්ටුවට සාමාජිකයින් නැතුව යාවි... අද සමුලුව තියපු දවසේම ඔහොම කරන්න නරකයි...!
සමන්ත Friday, 15 December 2023 06:14 PM
ඉතාම හොඳ අදහසක්... මා දන්නා ලලිත් ඇතුලත්මුදලි නම් මිනිසා, තරම් ජනතාවට ආදරය කළ, නිර්මානශීලි මිනිසුන් මට මුණගැසී ඇත්තේ ඉතා අතළොස්සකි. ඔහුට නිවන් සැප ලැබේවායි පතන්නේ මාද ඔහුගේ මහපොළ ආධාර නිසා ඉගෙනගත් ශිෂ්‍යෙයක් නිසාවෙනි.