IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලාල් කාන්ත සමාජවාදය අත්හැරීම සතුටක්

(අංජුල මහික වීරරත්න)

ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණවක මහතා මේ බව කීය.

මාලිමාවේ දැන් සමාජවාදය නැතැයි ලාල්කාන්ත කියා තිබූ බවත් ඒ ගැන දරන අදහස කුමක්දැයි මාධ්‍යවේදියා රණවක මහතාගේ විමසීය.

ඊට පිළිතුරු දුන් චම්පික රණවක මහතා:-

"එහෙම අදහසක් එන විදියට  කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා.ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා, කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. 

සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියටයි.

කාල්මාර්ක්ස් එංගල්ස්ලා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි යනුවෙන්ද  චම්පික රණවක මහතා කීය.

 

 



අදහස් (17)

ලාල් කාන්ත සමාජවාදය අත්හැරීම සතුටක්

පුරවැසියා Friday, 03 May 2024 12:49 PM

සමහර දේශපාලකයෝ තමන් හෙන පොරක් කියලා හිතන් ඉන්න එක දුකට කරුණක්.

:       15       37

Chandana Friday, 03 May 2024 01:12 PM

තේරෙයි, පැහැදෙයි, හැබැයි කාලයයි.

:       7       19

සෙනෙවිරත්න Friday, 03 May 2024 01:27 PM

තමුන්නැහැ බලය ලබාගැනීම අත්හැරලා සර්ව පක්ෂ උපදේශකයකු වෙන්න. මම හිතන්නෙ නැහැ ජවිපෙ තමුන්ගෙ උපදෙස් පිළිගනී කියලා. තමුන් බලයට ආවේ ටෙලිෆෝන් එකෙන් , ඒකෙ ගුණය තියන්න සජිත්ගෙ කොමඩි කතා නතර කරන්න උපදෙස් දෙන්න.

:       18       38

Amila Friday, 03 May 2024 03:39 PM

ඔබතුමා කියන්නේ ජවිපෙ තාමත් සමාජවාදී කියලද?

:       2       7

wedage Friday, 03 May 2024 03:12 PM

ඔය කතා ඔක්කොම ඡන්දේ තියෙනකන් පමණයි.

:       3       16

Wije Friday, 03 May 2024 03:49 PM

හොද දෙයක්. වඩා හොද වීම සමාජයට යහපත්.

:       1       7

Amila Friday, 03 May 2024 03:53 PM

ඒ වෙනසට මාත් හරිම කැමතියි . සහෝදරයා කියනවට වඩා අලංකාරයක් තියෙනවා, ලාල් මහත්තයා , විජිත මුදලාලි , ටිල්වින් උන්නැහේ කියලා ආමන්ත්‍රණය කරන කොට.

:       7       21

රාජරත්න Friday, 03 May 2024 04:05 PM

පේරාදෙණිය කැම්පස් එකේ මානවශාස්ත්‍ර පීඨයේ ඇදුරෝ කීපදෙනෙක් ඉන්නවා තාමත් මාක්ස්වාදය කර උඩ තියාගෙන දුවන. ‌ළමයින්ටත් උගන්වන එකයි දුක. කිව්වට අහන්නෙ නෑ මාක්ස්වාදේ දිරච්ච මලමිනියක් බව.

:       5       21

Pankumburage Friday, 03 May 2024 04:13 PM

මෙයා ලාල්කාන්තගේ තාත්තානේ සතුටු වෙන්න. දැන් කට්ටියට පිස්සු හැදිලා.

:       11       11

අරවින්ද මොනරවිල Friday, 03 May 2024 06:40 PM

අනිත් හුඟ දෙනෙක්ට වගේම මෙයාටත් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබල වේගය අතර වෙනස තේරෙන්නේ නැහැ.. නැත්නම් නොතේරුණා වගේ ගොන් පාර්ට් එකක් දානවා. ජ.වි.පෙ. කවදාවත් සමාජවාදය අත් හැරලත් නැහැ. අත් හරින්නෙත් නැහැ. ජාතික ජනබල වේගය හැදුවේ රට තුළ සමාජවාදී ආණ්ඩුවක් හදන්න නොවෙයි, ඊට මෙහා පොදු වැඩපිළිවෙළකට එන්නයි. එහෙම ඒවාට ඕනෑතරම් උදාහරණ ලෝක ඉතිහාසය තුළත් අපේ ඉතිහාසය තුළත් තිබෙනවා. ඒ නිසා පාඨලී බයිලා ගහන්න කලින් ඉතිහාසය හදාරලා එන්න...

:       8       6

ඉන්දික Friday, 03 May 2024 09:18 PM

මාලිමාව වෙනයි, ජවිපේ වෙනයි..!

:       3       9

Kaduruwela Saturday, 04 May 2024 02:08 PM

හරියට මිනිරන් සහ ග්‍රැෆයිට් වගේ නේද?

:       0       0

chandima Saturday, 04 May 2024 04:40 AM

එක එක දේවල් කියව කියවා ඉන්නේ නැතිව කොහේට හරි මුක්කුවක් ගහලා පාර්ලිමේන්තුවට එන්න හිතන් ඉන්නවා නම් ඇවිත් කරන්න යන දේ කියන්න. අරයගේ මෙයාගේ කුණු කන්දල් අවුස්සලා බලලා හුරේදාලා හරක් වගේ අපි කතිරේ ගහපු කාලේ ඉවරයි. ඒ ඉස්සර.

:       0       1

Palitha Rathnayaka Saturday, 04 May 2024 07:06 AM

ජෙප්පෝ සමාජවාදය අතහැරිය යුතු නෑ, එහෙනම් යුඑන්පි එකයි නිදහස්පක්ශයයි තිබුනම ඇති. මටහිතෙන්නේ ජනතාව සමාජවාදෙට මැලිකමක් දක්වන බැවින් පෙන්වන වෙනසක්. කොහොම උනත් වෙනසක් කරන්න නම් චීන කොමියුනිස්ට් ක්‍රමයට මාරුවෙන්න ඕන.

:       2       2

Suranga Saturday, 04 May 2024 07:24 AM

අපි දැකපු ලංකාවේ මෙතෙක් හිටියේ සමාජවාදීන් තිදෙනෙක් පමණයි. ඒත් එක් අයෙක් ගැන මිනිස්සු මනාපයක් නැහැ. ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමා මිනිස්සු අප්‍රිය කලේ කලට වේලාවට කම්මැලි නැතුව වැඩ කරන්න පිළිවෙළට ඉන්න කියපු නිසා තමයි. ඊළඟට ඩඩ්ලි සේනානායක මැතිතුමා සහ ඊයේ පෙරේදා මියගිය පාලිත තෙවරප්පෙරුම මැතිතුමා අනෙක් දෙදෙනා කියලා කියන්න පුළුවන් වෙන කිසිම සමාජවාදියෙක් ලංකාවේ හිටියේ නැහැ. ලලිත් හා ගාමිණී දෙදෙනාත් රට වෙනුවෙන් කැපවූ දෙදෙනෙක් තමයි...

:       2       0

Ranil Saturday, 04 May 2024 11:35 AM

අනෙක් දේශපාලන පක්ෂ ස්ථාවරය බලන්න එපා, ඔබේ දේශපාලන ස්ථාවරය අපට කියන්න, හෙළ උරුමය UNP , SJB...

:       0       1

Bamunuarachchi Sunday, 05 May 2024 02:26 AM

ඌරන් අසූචි බුදින්නේ නැහැ කිව්වා වගේ කතාවක් විස්වාස කරලා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site