
(අංජුල මහික වීරරත්න)
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන බව ලාල් කාන්ත ඇමැතිවරයා පවසා තිබෙන්නේ යැයි කී සේනසිංහ මහතා නමුත් ආණ්ඩුවේ අනිත් පිරිස් ඇත්ත කතා කරන්නේ නැතැයි ද පැවසීය.
" රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ තවත් කෙටි කාලයකින් අවසන් වෙනවා. ඒ වැඩපිළිවෙල අවසන් වුණාට පස්සේ ණය ගෙවන ක්‍රමවේදය , විදෙස් රටවල් සමග ගනුදෙනු කරන ආකාරය , බදු සහන ලබාගන්නා ආකාරය වැනි කිසිම දෙයක් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට කිසිදු ඉදිරි වැඩපිළිවෙළක් නෑ.
වර්තමාන ආණ්ඩුවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න අද්දැකිම් නෑ යනුවෙන්ද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සුජීව සේනසිංහ මහතා කීය.
COMMENTS
අනේ උඹලට තිබ්බ ඉදිරි වැඩපිළිවෙල නිසානේ රට බංකොලොත් වුණේ.
ඒ පාර සුජීව මොකටද එන්න හදන්නේ .මාලිමාව හොඬයි කියලා හිතෙනවද .හබැයි පුතෝ ඒකට නම් ගන්නේ නැතිවෙයි. වෙන කොහේ හරි බැලුවොත් හොඬයි.
රනිල් කරගෙන ගිය දේම තමයි හැමෝම කරේ මෙතෙක් – වෙනස නම් හොරකම නැති එක විතරයි.