(බී.ජී. චතුරංග සහ පැතුම් දර්ශන)
ඉන්ධන අර්බූදය නිසා ගමනා ගමන පහසුකම් නොමැතිව ලොරි රථයකින් ගමන් ගත් සිසුන් පිරිසක එම ලොරියේ තට්ටුව කඩා වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ සිසුන් 13 දෙනකු රෝහල්ගත කර ඇත.
ගලෙන්බිදුණුවැව තක්ෂිලා විද්‍යාලයේ ඉගෙනුම ලබන, ළමුන් තිහකට වැඩි පිරිසක් මෙම කුඩා ලොරි රථයේ ගමන් කර ඇත. ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කළ ළමුන් තිදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කැකිරාව සිට දාච්චිහල්මිල්ලෑව දක්වා දිවෙන මාර්ගයේ මාර්ගයේ ලොරි රථ හිමියකු ඇල්ලවැව හන්දියේ රැඳී සිටි පාසල් සිසුන් පිරිසක් මෙම ලොරි රථයේ රියැදුරා පාසලට ඇරලවීම සඳහා රැගෙන ගොස් ඇත.
අනතුරුව කුඩා ලොරි රථ රථයේ තට්ටුවට බර වැඩි වීම හේතුවෙන් එය කඩා වැටී ඇති බවද පොලිසිය කියයි.
රෝහල් ගත කෙරුණු ළමුන් දහ තුන්දෙනාගෙන් බොහෝ පිරිසක් මූලික ප්‍රතිකාර ලබා ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිසුන් තිදෙනාගෙන් එක් සිසුවෙකු ගේ පාදයේ අස්ථි බිදීමක් සිදු ව ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලොරියකින් පාසල් ගිය සිසුන් 13ක් තට්ටුව කඩා වැටී රෝහලට
de silva Saturday, 02 July 2022 10:54 PM
අපේ රට රකින බංකරේ හැංගිලා ඉන්න විරුවා නොහොත් බංකරයින් නම් ගමන් කරන්නේ වෙඩි නොවදින බෙන්ස් එකේ හෝ රේන්ජ් රෝවර් එකේ...
sharm warn Monday, 04 July 2022 10:56 AM
අනේ අර රට රකින්න ආපු විරුවාව ඔය ලොරි තට්ටුවේ නග්ගලා පොඩි රවුමක් යවන්නකෝ. මුක්කුවට ගෙනාපු රනිල්වත් එක්කම...