
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර අඹු සැමි යුවළක් ද වන බව පොලිසිය කියයි.
අඹුසැමි යුවළ රැගත් ලොරිය කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර කොන්ත්‍රාත් කටයුතු වල යෙදෙන පුද්ගලයන් තිදෙනෙකු රැගත් ලොරිය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය වී ඇත.
කිඳෙල්පිටිය ප්‍රාථමික විද්‍යාලය හා පදික මාරුවද පසුකර යාමත් සමගම ලොරිය මාර්ගයේ කැරකී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අඹු සැමි යුවළ රැගත් ලොරිය හා ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදු වූ වහාම එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පැමිණ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අමතා ගිලන් රථ දෙකක් එම ස්ථානයට ගෙන්වා තුවාලකරුවන් පානදුර මූලික රෝල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවුණු ටයර් දාගෙන වැස්සේ දුවනකොට වාහන ලිස්සලා ඔහොම අනතුරු වෙනවා
නුසුදුසු වාහන වහාම මහා මාර්ගයෙන් ඉවත් කළ යුතුයි. කළුදුම් දාන වාහන වලට දුම් සහතික දුන් අය සිරගත කළ යුතුයි.