(ගයාන් සූරියආරච්චි)

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඊයේ (3) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම කණ්ඩායම විජයබාහු රෙජිමේන්තුව සහ  රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිල 114 දෙනෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයෝ  125 දෙනෙක් ගෙන් සමන්විත වූහ.

මෙම කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ මහතා කටයුතු කරයි.