(විමුක්ති එස් රුද්‍රිගු)
ලෙබනනයේ මහල් හතක ගොඩනැගිල්ලක මහල් හතරක් කඩා වැටීම හේතුවෙන් එහි හිරවූ පුද්ගලයන් 5 දෙනා අතර සිටි ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය.
මියගිය ශ්‍රී ලාංකික කාන්තාව 68 හැවිරිදි මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිචිව සිටි අයි.ප්‍රේමලතා නැමැති කාන්තාවක් බව තානාපති කපිල ජයවීර මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව වේලාවෙන් ඊයේ(21) පාන්දර 3.30 ට පමණ සුන්බුන් අතර තිබී ප්‍රේමලතා මහත්මියගේ දේහය සොයා ගත් බවත් මේ වන විට ඇයගේ මෘත දේහය බග්දා රෝහලේ තැන්පත් කර තිබෙන බවත් තානාපති ජයවීර මහතා ප්‍රකාශ කළේය.
මෘත දේහය හඳුනාගැනීම සඳහා මාර්ග ගතව ඥාතීන් සම්බන්ධ කරගත් බවත් අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ අවසන් තීරණය ප්‍රේමලතා මහත්මියගේ ඥාතීන් ගනු ඇති බවත් තානාපතිවරයා පැවසුවේය.
ප්‍රේමලතා මහත්මිය සමඟ ඇයට ලෙබනනයට පැමිණීමට අනුග්‍රාහකත්වය දැක්වූ කාන්තාවද මියගොස් ඇති බවත් එම කාන්තාව ප්‍රේමලතා මහත්මියට ඇයගේ නැගණියක් ලෙස සලකා කටයුතු කළ බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් තානාපති ජයවීර මහතා පැවසුවේය.
එසේම ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ සිදු වූ ව්‍යුහාත්මක හානියක් නිසාවෙන් බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd