IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ලබන වසරේ සිට දේපලවලටත් බද්දක්

(යොහාන් භාසුර)

නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලු‍ම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



අදහස් (9)

ලබන වසරේ සිට දේපලවලටත් බද්දක්

Asanga Monday, 29 January 2024 03:01 PM

භාණ් ඩ වල මිලට ඉල්ලුම සැපයුම බලපානවා තමයි, හැබැයි එහි නම්‍ය අනම්‍ය බව අමතක වෙන්න ඇති, බදු ගහන්නෙත් භාණ්ඩ වල මිලටමයි කියලත් අමතක වෙන්න ඇති. අනේ පව්....2025 වසර වනවිට බලයේ ඉන්න පිලිවන් වෙයි කියලය හිතන් ඉන්නෙ?

:       0       0

Aravinda Monarawila Monday, 29 January 2024 03:48 PM

2025 වන තුරු ඔබලාව තියාගන්න අපේ අදහසක් නැති බව මතක තියාගනිල්ලා

:       0       0

Kris Monday, 29 January 2024 04:10 PM

2025 වෙනකන් කව්ද ඔයලව තියාගන්නෙ, ඔයාලට බදු හඳුන්වා දෙන්න වෙන්නෙ වැලිකඩ තමයි, ඒ වෙනකන් ඔයලා ජීවත් වෙලා හිටියොත් කර්ම ඵල වලින් බේරිලා

:       0       0

සාලිය​ Monday, 29 January 2024 04:24 PM

වරිපනම් බදු කියන්නේ දේපළ වලට ගහන බද්දයි. එකම කාරණයට බදු දෙකක් ගහන්නේ කොහොමද මහත්තයෝ...?

:       0       0

Perera Tuesday, 30 January 2024 02:49 AM

"ඉහල දේපල "යන්නෙහි නිර්වචනය කුමක්ද කියලා පැහැදිලි නැත

:       0       1

Bamunuarachchi Tuesday, 30 January 2024 06:55 AM

මේ රටවලත් property tax කියලා අපි ගෙවනවා.

:       0       2

Vimu Tuesday, 30 January 2024 09:03 AM

ඕවා කොරන්න ලබන අවුරුද්දෙත් සියඹලාපිටි උන්නැහේ මුදල් ඇමතිකමේම ඉදීද ?

:       0       4

Lalith Tuesday, 30 January 2024 09:52 AM

ලබන අවුරුද්දෙ ඕගොල්ලො ඉන්න එපැයි ඕව කරන්න.

:       1       2

Bamunuarachchi Tuesday, 30 January 2024 10:42 PM

ඉහළ දේපල කියනවා ඇත්තේ සාමාන්‍ය ජනතාව භුක්ති විඳින පර්චස් 20-40 අඩු ඉඩම් හා ගෙවල් දොරවල් නොවෙයි.., විශාල වශයෙන් ඉඩකඩම් හිමි, විශේෂයෙන් JR බලයට පත්වීමත් සමගම ඉඩම් සීමා පනත උල්ලංගනය කරමින් JR පාක්ෂිකයෝ අත්පත් කරගත්ත ඉඩම් හිමිකාරයින්ගේ ඉඩම් හා සුපිරි පන්නයේ ගෙවල් වෙන්න ඇති. මොකද ප්‍රශ්නයක්ද? බය වුණාද? විශාල රටක් වෙන CANADA වේ සාමාන්‍ය කෙනෙකුට දේපලක් හැටියට ගන්න පුළුවන් වර්ග අඩි 3000- 4000 පමණ ඉඩමක්‌ හා එහි ඇති වර්ග අඩි 1700 ගෙයක්. වාර්ෂික TAX එක රුපියල් වලින් 941880/= යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත



ඡන්ද වැඩ කරන නිලධාරීන්ට හෙට නිවාඩු
2025 මැයි මස 07 23 0

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික





මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 839 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site