(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දෙමළ ජනතාව මුහුණ දෙන උතුරේ ගැටලු බාහිර මැදිහත්වීම් වලින් තොරව ලබන වසරේ 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට පෙර සාමකාමීව විසඳා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කිසිවෙකුත් ලංකාවට ඇඟිලි ගහන්න උවමනා නැතැයි ද මෙම ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න ලංකාවට හැකියාව ඇති බව ද ජනාධිපතිවරයා කීය.
ඒ කාරණය සදහා ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ වසරේ දී මෙන්ම ලබන වසරේදී සියලුම නීති පද්ධති නවීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
එ කාලෙ ප්‍රබාකරන් ගෙ කකුල් දෙක පාමුලට ගිහින් ගිවිසුම් අත්සන් කලා වගේ තව මගඩියක් තමයි මෙ..
උතුරෙ මිනිස්සුන්ට තිබෙන ප්‍රදාන ප්‍රශ්න වන්නෙ , ඉන්දන විදුලි මිල සහ බඩු මිල ඉහල යෑම , පාස්පොර්ට් එකක, හැදුනුම්පත වැනි දේවල් කරගන්න ගියහම නොයෙකුත් කරදර වලට ලක් විම ,ගොඩක් දේවල් කරගන්න කොලඹ එන්න ඔනෙ , රජයෙ කාර්යාල වලින් වැඩක් කරගන්න ගියහම නිකරුනෙ රස්තියාදු වෙන්න ඔනෙ ,පොහොර ප්‍රශ්න , කෘෂි නිශ්පාදන අතර මැදියන් විසින් ගසාකෑම්ම මෙම ප්‍රශ්න දකුනෙ අපටත් තිබෙනව , කරුනාකර රටම ආවරනය වන පරිදි මෙම ප්‍රශ්න වලට විසදුම් දෙන්න . මුලින්ම සියලුම පුරවැසියන්ට ඔවුන්ගෙ සියලුම රජයෙ කටයුතු ඔහු පදිං ප්‍රාදේශීය ලේකම් කොට්ටශය තුල හෝ පලාත තුල සිඩු කරගන්න අවසර දෙන්න
ඒ මොකද්ද එහම දෙමළ ජනතාව මුහුණ දෙන උතුරට පමණක් සීමාවූ ගැටලු? දෙමළ ජනතාවගෙන් සීයට හැටකට වැඩි පිරිස ඉතා සාමකාමීව, සතුටින් සහ සුහඳව අදටත් ජීවත් වන්නේ උතුරු නැගනහිරෙන් පිට. ගැටළු ඇති කරන්නේ බල තන්නාවට සිංහල, දෙමළ, මුස්ලීම් දේශපාලකයෝ මිස සාමාන්‍ය මිනුස්සු නොවේ. ද්‍රවිඩ මන්ත්‍රීලා ජීවත් වන්නේ කොළඹ මිස ඔවුන් නියෝජන කරන දිස්ත්‍රික්කවල නොවේ. ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නෙත් කොළඹ සුපිරි පාසල්වල. ජනතාව මේවා තේරුම් ගන්න ඕනේ.
ජන වරමකින් තොරව ජනාධිපති වූ නිසා කරන දෙයක් පරිස්සමෙන් සහ රටේ සියලු ජනතාවට එකඟ විය හැකි සේ කළ යුතුයි . කොටි හුරතල් කරන්න ගියොත් නැවතත් මෙයාටත් ගෙදරම තමයි යන්න වෙන්නෙ .
ඊළඟට නැගෙනහිර ඉන් පස්සෙ මැදරට මොකුත්ම නැත්තෙ මහ ජාතිය කියාගන්නා පිරිසට තමයි ජනාධිපතිතුමා උතුරට වෙනම මොනවාහරි පළාත් සභාවට අමතරව දෙනවා නම් අනෙක් පළාත් වල අයට කියන්න උතුරේ අයට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ඒවා අනෙක් අයටත් තිබේනම් මොකද කරන්නෙ මම හිතනවා උතුරේ අයට වගේම දකුණේ අයටත් ප්‍රශ්න තියෙනවා කියලා
විසඳයි ඉටිගෙඩියක්
ආවේ වෙන වැඩකට. රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳනවා කියාලා ඇවිත් ඒ පාර මොන වින්නැහියක් කරන්න හදනවාද මන්දා. මොකද ඔය දෙමල ප්‍රශ්නෙට මෙයා අත දානවා කියන්නේ කතා දෙකක් නැහැ හද්දම හද්ද කරුමයක් තමා උනොත් වෙන්නේ. ඕකම තමයි මට හිතෙන හැටියට මේ සියලු සිද්ධි වල කුමන්ත්‍රණකාරී අවසන් සැලැස්ම. මොකද සොල්හයිමත් ඉන්නවානේ මෙයා පස්සෙන්. හැබැයි ගොය්යෝ කරන දෙයක් තමන්ගේ හිතු මතෙටනම් බැහැ. කලින්ම රටට හෙළිකරලා ඉන්න ඕනි. මොකද මේ රට ඔහේගේ අම්මගේ අප්පාගේ බුදලේ නෙමෙයි.
අනේ අපිටත් කියන්නකෝ උතුරේ දෙමළ අයට තියෙන දකුණේ අනිත් යට නැති ප්‍රශ්නේ මොකක්ද කියල
වැල් පාලමෙ යන ගමන්ම එකෙ තියෙන පොඩි පොඩි අන මුරුච්චිත් ගලෝනම යන්නයි හදන්නෙ.
සුබපැතුම් ජනාධිපතිතුමනි..!
ඔයාලා උතුරේ හිටියොත් දෙමළ වුණානම් තේරෙයි. තමන්ගේ භාෂාවෙන් කතාකරනවා වගේම සමාජීය වශයෙන් එයාලගේ වැඩකටයුතු, ප්‍රශ්න එයාලාගේ ඇහින් හිතින් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. කනවාට බොනවාට එහා ගිය සමාජීය ප්‍රශ්න තියනවා...
උතුරු නැගෙනහිර දේශපාලන බල අර්බුදයට විසදුමක් වසයෙන් පළාත් සබා විසදුම වසයෙන් යෝජනා වී තිබේ. යම් හෙයකින් පළාත් සබා පිහිට උවහොත් සිදුවනුයේ වර්තමාන පාර්ලිමේන්තුව තුල සිදුවන සිදුවීම් උතුරු නැගෙනහිර පළාත් සබා තුල සිදුවීමය. පළාත් සබා ලබාදීම සිදුඋවද ජනතවට සේවය කිරීම පස් තබා බලය වෙනුවෙන් උතුරේ පළාත් සබා තුල දේශපාලකයන් සහ විපක්ෂ බලය වෙනුවෙන් අත්බුද ඇතිකර එම ප්‍රදේශ යලිත් දේශපාලන අස්ත්වර බවක් කරා ගෙන යනු ඇත. දැනට දසක කිහිපයකට පෙර උමා මහේෂ්වරන්, සිද්දර්තන සහ වෙනත් කණඩායම් වෙන් වෙන් වසයෙන් දෙපලනය කර අවසානයේ ඔවුන් අතර බලය වෙනුවෙන් ගැටුම් නිර්මාණය වී අවසානයේ ලංකාවේ දේශපාලන අර්බුද දකුණටත්, ඉන්දියාවට සහ ජාත්‍යන්තරයට ගියේය අවසානයේ මුළු රටම අර්බුදයකට මැදිවිය. එමනිසා පළාත් සබා යනු ලංකාවේ දේශපාලනය පමණක් නොව තමිල්නාඩුව සහ ඉන්දියාවේද දේශපාලනය අර්බුද වෙත ගෙන යන්නාවූ කාරණයක් වේ. බලය වෙනුවෙන් උතුරේ පළාත් සබා තුල ( යම් හෙයකින් පළාත් සබැ ලබාදුනහොත් ) දේශපාලකයන් සහ විපක්ෂ බලය වෙනුවෙන් අර්බුද ඇතිකර එක කණඩායමක් තමිල්නාඩු සහයත් අනෙක් කණඩායම දකුණේ ලංකාවේ මධ්‍යම රජයේ සහයත් ඉල්ලා සිටීමට ඉඩ ඇත.
තමිල්නාඩු සහය ලබාගැනීමට උත්සහ කරනාවූ කණඩායමට වැඩි වැසි සහගත තත්වයක් මතුවේ. එයට හේතුව නම් ඉන්දියානු මධ්‍යම රජය තමිල්නාඩු ප්‍රාන්තය සමග එක්ව ( ද්‍රවිඩ චන්ද නිසා ) යම් පීඩනයක් ලංකාව වෙත එල්ල කිරීමට හැකියාවක් පවතී. දෙවනුව අනාගතයේදී ඉන්දියාවේ පත්වන දේශපාලන නායකත්වය පිළිබදව සලක බැලීම වැදගත්වේ. සහ මේ අවස්ථවේ ඉන්දියාවේ වේගවත් සංවර්දනය, සහ ඉන්දියාවේ ගෝලීය සම්බනදත කිසි සේත්ම අවත්ක්ෂේරු කල නොහැකි නිසාත් අප යම් විස්ලෙශනයක යෙදුන හොත් පළාත් සබා නිසා ලංකාවට දේශපාලනික විසදුමකට වඩා දේශපාලනික අවාසි සහගත තත්වයක් මතුවීමේ ප්‍රබල හැකියවක් පවතී. මෙම ගැටළු සියල්ල ඉතාම පසසුවෙන් ලංකාව තුලම විසදා ගැනීම සියලු ජාතීනට පමණක් නොව ලංකාවටද ප්‍රයෝජනවත්වේ. මහා මැතිවරණයකින් සියලු පාර්ශ්ව පාර්ලිමේන්තුවට පමිනිමෙන් පසු වගකීම් ලබා ඔවුන්ගේ ප්‍රදේශ සංවර්දනය කිරිම ඔවුන්ගේ වගකීම වේ. පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයට වී කල හැකියමක් නොමැත.
රිදී බන්දේසියක තියා රටේ කෑල්ලක් දෙමලුන්ට දෙන්නයි ලැහැස්ති වෙන්නේ. එහෙනම් ISGA ක්‍රීයාත්මක කරයි වගේ? බලමු ජෙප්පන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා. හමබයොත් කෑල්ලක් ඉල්ලාවි එකත් දීපන් මච.
දෙවනුව පළාත් 9ය නියෝජනය වන පරිදි කැබිනට් ඇමතිවරු 9ක් පත්කර ගැනීමද සලක බැලීම වැදගත්වේ. එවැනි අවස්තවකදී සිංහල කැබිනට් ඇමතිවරයකු උතුරු ප්‍රදේශය වෙනුවෙන් සහ නැගෙන හිර ප්‍රදේශය වෙනුවෙන්ද දකුණු පළාත් සභාව සහ වෙනත් පළාත් සභා සදහා ද්‍රවිඩ සහ මුස්ලිම් කැබිනට් ඇමතිවරුන්ද පත්කිම වැදගත්වේ. දෙවනුව පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද මේ ආකාරයටම පත්කර ජනතව අතර සජජිවනය සහ සමතර බවක් කිසිවකු දේශපාලනික වසයෙන් හෝ ජාතින් වශයෙන් වෙනස් නොවන බවටත් මනුෂත්වය මත පිහිට සියල්ලට පිළිතුරු ලබාදිය හැකි බවටත් තහවුරු කල යුතුවේ. එය කලහැකිවේ. මෙම දේශපාලන අර්බුද මතු කරනු ලබනුයේ බලය වෙනුවෙන් සහ තැන තුරු වෙනුවෙන් දේශපාලකයන් මිස රටේ සාමාන්‍ය ජනතව නොවේ. දේශපාලන විසදුමක් වසයෙන් පළාත් සබා හැර වෙනස් ආකාරයට පවතින බලය බෙදීමේ ගැටලුව / අර්බුදය විශ්ලේෂණය කිරීම තුලින් අලුත් විසදුම් කර යාමට හැකියාව පවතී.