IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලන්දේසි පැහැරගත් තවත් කෞතුක භණ්ඩ රැසක් ආපසු දෙයි

(ටී.කේ.ජී.කපිල)

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මගුල් කඩුව , ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06 ක් අද අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

එසේ රැගෙන විත් තිබූ කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මගුල් කඩුව , රජතුමාට අයිති රිදී කස්තානය , රජතුමාගේ රන් පිහිය ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව , සහ මහ තුවක්කු දෙකක් විය .

මෙම කෞතුක භාණ්ඩ අද අලුයම 05.05 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 554 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම කෞතුක භාණ්ඩ භාර ගැනීම සදහා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර විකවික්‍රමනායක , ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච් ( Bonnie Horbach ) , බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ , එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි , ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි , කොළඹ ජාතික කෞතුකාගාර අධිකාරී රංජිත් හේවගේ , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශ්‍රී .රජීව් යන මහත්ම මහත්මීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය  අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත භාර දුන් අතර පසුව එය අමාත්‍යවරයා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාර දීම සිදු කෙරුණි .



අදහස් (8)

ලන්දේසි පැහැරගත් තවත් කෞතුක භණ්ඩ රැසක් ආපසු දෙයි

G. K. Ekanayake Wednesday, 29 November 2023 10:20 AM

නෙදර්ලන්තයේ තිබුණා නම් මේවා තවත් බොහෝ කලක් සුරක්ෂිතව තිබෙන්නට හැකියාව තිබුණා. මෙහේ ගෙනාවාට පස්සේ ඕවාට ඩුප්ලිකේට් තියලා ඔරිජිනල් අපනයනය වේවි...!

:       2       22

සිසිර Wednesday, 29 November 2023 10:51 AM

හොඳ වැඩක්. අර ඉංග්‍රීසි කාරයෝ අරං ගිය අපේ පුස්කොළ පොත් නැව් ගේන්න බලමු. අපේ වැළලුණු දැනුම ඒ වගේ තියෙන්නේ...!

:       6       11

Kumara Wednesday, 29 November 2023 11:07 AM

මොකට මෙහාට ගෙනාවාද? වැඩි දවසක් යන්න කළින් ඕවත් මේ අය විකුණගෙන කනවා.

:       2       22

දයාසේන Wednesday, 29 November 2023 03:42 PM

එතකොට ස්වදේශිකයින් පසුගිය කාලයේ පැහැර ගත්තු ඒවාට මොකෑ කොරන්නේ ඒවා හම්බුවුනැයි...

:       0       8

චන්දිම ෆොන්සේකා Wednesday, 29 November 2023 04:11 PM

එදා නූතන මහරජාණන්ගේ කෙනෙක්ගේ කාලේ සි.සි.ටී.වි. කැමරා නිමා දාලා කටුගේ බිඳලා අපි පොඩි කාලේ ඉඳන් දැකලා තිබුණු එහි තිබූ පුරාණ කඩු, මුතු මැණික් ඔබ්බපු ආභරණ, ඔටුනු ඇතුළු තවත් මිලකළ නොහැකි ඉතා වටිනා ජාතික පුරා වස්තුන් රාශියක් ඉතා සංවිධානාත්මකව හොරකම් කරගෙන ගියා. කිට්ටුව හතර වටේ පොලිස් ස්ථාන තිබුණත් මොකද වුනේ කියලා රටේ ජනතාව එදා දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදී කොහෙද හිටපු කන්ගැට්ටා කවුද මිනිහෙක් තමා ඕක කලේ කියලා ඔක්කෝම ඒ මිනිහා පිට දාලා අන්තිමට ඔක්කොම ලිස්සලා අමතක කරලා දැම්මා. පුරාවස්තු හොරකම් කරගත්තු අය ඔක්කෝම ටික අරගත්තා. මිනිස්සු පස්සේ තේරුම් ගත්තා මොකද්ද වෙන්න ඇත්තේ කියලා. ඒත් ඉතින් මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ මොකද පස්සේ කවුරු බලයට ආවත් දෙගොල්ලන් එකම කාසියේ දෙපැත්ත නිසා හොරු ආරක්ෂා වුණා. හැබැයි ඔය කරපු අපරාධය කරපු එවුන්ට ගැලවීමක් නැති සාපය නම් වෙන්න පටන් අරන්. ඉස්සරහට තවත් සාපය වැඩිවේවි. මේ පුරාවස්තු වලටත් කවදා හරි ඔය ඉරණමම වේවිද?

:       1       12

Indika Wednesday, 29 November 2023 07:57 PM

කඩුව කීයක් වෙයිද දන්නේ නෑ නේද?

:       0       0

Bamunuarachchi Wednesday, 29 November 2023 09:02 PM

දැන් කට්ටිය බෙදාගනීවී. රජගෙදර පදිංචි වෙච්චි අයිස්ක්‍රීම් නෝනා රජගෙදරින් යනකොට තිබුණු පැරණි බඩු අරන්ගියා කියලා කථාවක් ඒ කාලේ තිබුණා කියලා මට ඇහිලා තිබෙනවා...

:       0       0

ගමේ එකාලා Thursday, 30 November 2023 03:19 AM

කටුගෙයි වටිනා පුරාවස්තු අතුරුදහන් කරවපු උන්ගෙන් පරිස්සම් කරගන්න එක තමා ප්‍රශ්නේ ? රටම හොරාකාලා විනාශ කරපු උන් තමා අපේ රටේ ඉන්නේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site