IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලන්ච් ෂීට් තහනම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව   මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ කළේය.

ලන්ච් සීට් හේතුවෙන් සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානිය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කළ බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා  පරිසරය ස්වභාවික සම්පත්  සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය  5 වැනිදා රැස්විය.  මෙම නිර්දේශය කර ඇත්තේ එම රැස්වීමේදීය.

මෙම කමිටු රැස්වීමට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීහු පිරිසක්  එදින කැඳවනු ලැබ සිටියහ

ලන්ච් ෂිට් භාවිතය නිසා  සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ තැලේට් නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරන  බලපෑම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මේ අනුව  විකල්ප හඳුන්වාදීමට මාස හයක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දුන්නේය.

ලොව කිසිදු රටක ලන්ච් ෂීට් භාවිතා නොවන බව පැවසූ  පරිසර අමාත්‍යාංශ නිලධාරීහු ලන්ච් ෂීට් භාවිතයෙන් තොරවීමේ වැදගත්කම  කාරක සභාවට පෙන්වා දුන්හ.

මේ අතර ප්‍රතිචක්‍රීකරණය සඳහා  ප්ලාස්ටික් ‍බෝතල්  ලබාගැනීම  වඩාත් කාර්යක්ෂම කිරීමට නම් හිස් බෝතල්වලට යම් සැළකිය යුතු මුදලක් ලබා දියයුතු බව කාරක සභා සභාපතිවරයා  ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ජයන්ත කැටගොඩ,  වෛද්‍ය තිලක් රා‍ජපක්ෂ, සහ වරුණ ලියනගේ යන මහත්වරුද  සහභාගි වූහ.



අදහස් (1)

ලන්ච් ෂීට් තහනම්

මැක්ස් Friday, 08 December 2023 05:18 PM

පරිසරය පිළිබඳ අවම සැලකිල්ලක් දක්වන ප්‍රජාවක් සිටින රටක් මේක. සුපර් මාකට් හෝ සාමාන්‍ය කඩයකට ගිහිං ජාති 5ක් මිල දී ගත්තොත් සිලි මලු 5කට වෙන වෙනම ඒවා දාගන්න ජාතියේ මිනිස්සු අපට ඉන්නේ... ඒ නිසා මෙය ඉතාම හොඳ පියවරක්. අජිත් මාන්නප්පෙරුම ඇතුලු සියලු මන්ත්‍රී වරුන්ට ස්තුතියි...!

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site