
(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමක් ලෙස මාසිකව ශිෂ්‍යාධාරයක් පිරිනැමීම කෙරෙහි ජනාධිපති අරමුදලේ අවධානය යොමු වී ඇත.
ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරිණි.
ජනාධිපති අරමුදලෙන් මේ වන විට ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභීන්ට ආධාර ප්‍රදානය කරන අතර, පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විවිධ ශිෂ්‍යාධාර ක්‍රමද ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය කියයි.
එහි තවත් පියවරක් ලෙස අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති අරමුදලට අරමුදල් සැපයීමේදී ලොතරැයි මණ්ඩලවලින් විශාල දායකත්වයක් සැපයේ. එසේ වුවද, ලොතරැයි මණ්ඩලවලට එම ආදායම් උපයා දීම වෙනුවෙන් කැප වී කටයුතු කරන ලොතරැයි අලෙවිකරුවන්ගේ ජීවන මට්ටම සැමදා නොවෙනස්ව පැවතීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, ඔවුන්ගේ සේවය ඇගයීමට සහ ජීවන බරට සවියක් වීමට ජනාධිපති අරමුදලේ අවධානය යොමුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd