(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ලුණුවිල දෙමටපිටිය විදුහලේ ගේට්ටුව අසල නිරුවත් පිරිමි මළ සිරුරක් තිබී අද (31) උදෑසන සොයාගත් බවමාරවිල මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම පුද්ගලයාගේ හිසේ ලේ ගලන තුවාලයක් පෙනෙන්නට ඇතැයිමාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

 මෙය ඝාතනයක්බව මූලික විමර්ශනවලින් පොලීසියට පෙනී ගොස් ඇතැයි කියති.

මළ සිරුර  මුනින්  අතට වැටී ඇති අතර ඒ අසල යතුරුපැදියක ආරක්ෂිත හිස්වැස්මක් ද තිබී පොලිසිය සොයා ගෙන ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව දුම්මලදෙනිය පදිංචිව සිටි  අසේල පෙරේරා නැමැති අයෙකි.