(මනෝප්‍රිය ගුණසේකර)
නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කළාය.
රුපියල් 25000/-ක දඩ මුදල නොගෙවුව හොත් මාස 06ක සිරදඬුමක්ද නියම කළාය.
චෝදනාවන්ට වරද පිළගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ගේ බලයලත් නියෝජිතවරයකුටය.
නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.
2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබිණී.
එම නඩුවේ සාක්කිකරුවන් වශයෙන් සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මිය ඇගේ පුත්‍රයා වන සනත් කුමාර අතුකෝරල” ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා මහතා ඇතුලු 06 දෙනෙකු නම් කොට ඇති අතර නඩු භාන්ඩ වශයෙන් මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට රෝහලෙන් නිකුත් කළ බිල්පත ඇතුලු ලේඛණ 06ක් නම් කර තිබිණී.
උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ වර්ග අතුරින් ඖධෂ වර්ග 11ක් එම ඖධෂ අලෙවි කළ හැකි මිලට වඩා සීයයට 104 සිට සීයයට 357 දක්වා වු වැඩිමිල ගණන් යොදා අලෙවි කර ඇති බව ඖධෂ නියාමන අධිකාරිය වගුවක අකාරයෙන් අධිකරණයට පෙන්වා දී තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයකින් වරදකරු වෙලා තියන ආයතනයක නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැරි ද මාධ්‍යයකට. නිකං කැලෑපත්තරයක් වගේ එහෙන් මෙහෙන් හින්ට් ගහනවා. පොල් ගෙඩියක් හොරකම් කල කෙනෙක්ගෙ උනානම් නම් ගම්, ඇඳගෙන හිටියේ මොකක්ද, රෑට කෑව දේවල් එහෙමත් පළ කරනවා.
සිල්ලර කඩේක හාල්,පිටි ,බිත්තර වැඩි මිලට විකා නම් 100,000/ දඩයක් ගහන්වානේ .ඇයි මේවට අඩුවෙන් ගහන්නේ ,එතනත් ගැහිල්ල තමයි ඉතින්
සමහරක් පුද්ගලික අධ්‍යාපන ආයතන පාඨමාලා සදහා මුදල් අයකිරීම කර පාඨමාලා කාලය අවසන් කියලා පාඨමාලාව කකරන්නෙ නැහැ ලබාගත් මුදල් ආපසු දෙන්නෙත් නැහැ බම්බලපිටිය ආසන්නයේ එහෙම ආයතනයක් තියෙනවා එහෙම ගෙවූ මුදල් ආපසු ගන්න මොකක්ද කරන්න ඕන
ඇයි කොන්දක් නැත්තේ ඔය ඉස්පිරිතාලේ නම දාන්න ? හූරගෙන කද්දී ගේම ඉල්ලුව පුතාට ජය !
රුපියල් 25000 දඩයක්ද? 2500000 වත් නියම කරන්න ඕනේ.
රෝහලේ නම කියන්ඩ බයද?
මේ රෝහලට නමක් නැතිද
මේ වගේ වරදකට රු. 25000ක දඩ මුදලක් කිසිසේත් සෑහෙන්නේ නැත. අනිත් කාරණාව නම් අදාල රෝහලේ නම සඳහන් නොකරන්නේ ඇයි? එය අනෙකුත් අයගේ දැන ගැනීම පිණිස වැදගත් නොවන්නේද?
මේ වගේ ලෙඩ්ඩු හූරා ගෙන කන එවුන්ට දඩය රුපියල් 25,000/=.ඒ උනාට බිත්තරයක් රුපියල් 5 ක් 10 ක් වැඩියෙන් විකුනන්න පොඩි කඩ කාරයටා දඩය රුපියල් 50,000
ගොඩක් පුද්ගලික බෙහෙත් ශාලා තියෙනවා එතනට ගියොත් බෙහෙත් එතනින්ම ගන්න ඕන, ලෙඩාට පිටින් බෙහෙත් ගන්න දෙන්නේ නෑ. දොස්තරගෙ බිලයි බෙහෙත් බිලයි එකටම ගෙවන්න ඕන එම ස්ථානයටම. කිසිම බිලක් දෙන්නේ නෑ. බෙහෙත්වල මිල ගනන් බලන්න විදියක් නෑ. හැබැයි ලොකු බිලක් දානවා. "sample not for sale" එවත් බෙහෙත්වල තියෙනවා. මේවා කාටද දැනුම් දෙන්න ඕන.