
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගිය ද ඉදිරියේ එන උත්සව සමය පිළිබඳව අවධානය යොමුකරමින් ගෑස් මිල ඉහළ නොදමන බව ද පීරිස් මහතා සඳහන් කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,565 ක, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,431 ක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 668 ක තවදුරටත් පවතින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙසැම්බර් මාසයේ සිට ශ්‍රීලංකාව බංකොලොත් නැහැ කියලා සේමසිංහ කියලා තියෙනවා... එහෙම නම් ඉතින් දෙසැම්බර් මාසයේ සිට ඉදිරියට ගෑස් ඉන්ධන විදුලිය වගේ අත්‍යාවශ්‍යම දේවල් රුපියලක්වත් වැඩිවෙන්න බැහැ. කිසිදාක නැති ආකාරයට මෙදා පොටේ වැස්සත් අඩුනැතුව තියෙනවා.. වැස්සෙනුත් රට බංකොලොත් නැහැ.. ඒත් විදුලිය බිල් තමයි පාරිභෝගිකයන් බංකොලොත් කරන්නේ...!