(අජන්ත කුමාර අගලකඩ)
ගෑස් සමාගම් විසින් වෙළඳ පොළට අලුතින් හඳුන්වා දෙන ලද ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී තිබේ .
මෙම නව ගෑස් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ රුපියල් 1395 ක මිලකට ය .
කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1495 කට තිබියදී ලිටර්18 ගෑස් සිලින්ඩරය රුපියල්1395 ක මිලකට අලෙවි කිරීම අසාධාරණ බව වෙළෙඳ ඇමැතිවරයා පෙන්වා දී ඇත.
මේ අතර නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් සටහන් කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව සහ ඇත්ත අතර ඇත්තේ කැබිනට් අනුමැතිය පමණයි...
ගෑස් සිලින්ඩර වර්ග දෙකෙහිම මිලද සිලින්ඩරයේ මුද්‍රණය කලහොත් පාරිභෝගිකයාට එය පහසු වෙනවා ඇත.
මෙය පාරිභෝගික ජනතාව රැවටීමක්... ඇයි ටැංකියට පෙර පරිදි ගෑස් පුරවා දෙන්න බැරි? මෙයිනුත් ප්‍රවාහන ගාස්තුව හරහා වැයවීමක් වෙනවා..
මෙයට වඩා නරකයිද තිබුණු 12.5 බරටම පැවති මිලටම ගෑස් දුන්නා නම්...? බර අඩුවුණාම කලින්ට වඩා ඉක්මණින් ගෑස් ඉවර වෙනවා. ගෙදරට ගෑස් අදින එක විතරද අපට තියෙන්නේ? වෙන වැඩකටයුතු නැත්නම් හොඳයි.
කවදා සිට නව මිල ගණනට ගෑස් ලබාගන්න පුළුවන්ද?
බැරි සිල් නොගන් අබරෝ... මීට කළින් හිටපු පාලකයෝ ගෑස්, පෙට්‍රල්, ඩීසල් මිල අඩුකළා... ගෑස් ටැංකිය අඩංගු බර වෙනස් කළේ නැහැ. මේවගේ මෝඩ තකතීරුවන්ට හෙණම ගහන්න ඕනේ... හැමදාම අපිව රවට්ටනවා.