
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි පිරිස් වලට ලබා දීමට ඇති වන්දි මුදල් ගෙවීමේ කටයුතු තාවකාලිකව නතර කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා පවසයි.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වන්දි මුදල් ලබා දීම සඳහා ඩිපෝ වෙත පුද්ගලයන් පැමිණීම අවදානම් සහගත බැවින් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
කොරෝනා වසංගතයේ අවදානම පහව ගිය පසු වන්දි මුදල් ලබා දෙන කාල වකවානුව කඩිනමින් දැනුම් දෙන බවත් කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු විහිළුවක්. ඔවුන්ගේ මුදල් විද්‍යුත් වශයෙන් බැංකු ගිණුම් වෙත මාරු කරන්න. ඔවුන් සතුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තිබේ.
1991 ලංගම ජනතාකරණය කල අවස්ථාවේ එවකට සේවය කල 27000ක් පමණ වු සෙිවකයින්ට ලබා දුන් කොටස් අයිතිය වෙනුවෙන් කරන මෙම ගෙවීම්, ලබා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ඩිපෝ මට්ටමින් සිදු කෙරෙන අවස්ථාවක , පවත්නා ව්‍යසනය හේතුවෙන් ,එය තාවකාලිකව නවතා දැමීම විශ්‍රාමික කොටස් හිමියන්ගේ කනස්සල්ලට හේතුවක් වුවත්, එයට විරුද්ධ මතයක් නොදක්වමි. කොටස් හිමි විශ්‍රාමිකයින් සෑහෙන පිරිසක් මේ වන විටත් මිය ගොස්ය. අවුරුදු 65, 70 ඉක්මවු බොහෝ අය රෝගීව සිටිති.