IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංගම රක්ෂණය ගැටළුවක්

(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ 4,000 කට පමණ තෙවැනි පාර්ශවයේ රක්‍ෂණ ගෙන තිබීම නිසා රියදුරකුගේ අතපසුවීමකින් බස් රථයක් අනතුරකට පත්වුවහොත් අලාභය රියදුරුගෙන් අයකර ගන්නා බව ලංගම රියදුරෝ පවසති.

මගී ජනතාව ප්‍රවාහනය කරන ලංගම බස් රථ තෙවැනි පාර්ශවයේ රක්‍ෂණ සමඟ ධාවනය කිරීම ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක් බවත් පූර්ණ රක්‍ෂණයක් ගෙන තිබුණේ නම් රියදුරන්ට මෙන්ම මගී ජනතාවටත් විශේෂ ආවරණයක් ලැබෙන බවත් රියදුරෝ කියති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 4,700 ක් දිනපතා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රවාහන කරන අතර ඉන් දිනකට රුපියල් කෝටි 8 ක පමණ ආදායමක් ලබන බව ද රියදුරෝ වැඩි දුරටත් සඳහන් කරති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පැවසුවේ මගීන් සදහා පමණක් පූර්ණ රක්ෂණ ආවරණයක් ලබාගෙන ඇති බවත් බස් රථ සඳහා තෙවැනි පාර්ශවයේ රක්ෂණයක් පමණක් ගෙන ඇති බවත්ය.

අධිවේගී මාර්ගවල ධාවනය කරන ලංගම සුඛෝපභෝගී බස් රථ 80 ක් සඳහා පමණක් පූර්ණ රක්ෂණ ආවරණ ලබාගෙන ඇති බව සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

ලංගම රක්ෂණය ගැටළුවක්

Bandula Monday, 24 June 2024 06:23 PM

මගී ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. පුර්ණ රක්ෂණ ආවරණ ලබාගෙන මගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කැපවෙන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා...

:       0       0

Lalla Tuesday, 25 June 2024 07:50 AM

ලංගමය තවත් බදු ගිලින්නෙක් පමණයි. ඒ ආයතනය ලොව අනෙක් ප්‍රවාහන පද්ධති විදියට එක විශාල සමාගමකට පවරන්න. සියලු පෞද්ගලික බස්රථ සමගම. ඒ සමාගමේ කොටස් හිමියන් ලෙස බස් හිමියන්ට ලාභාංශ ගෙවන පදනමකට යන්න බැරිද? වෙන විකල්ප තියෙනවද? කල් ඉකුත්ව ගිය බණ්ඩාරනායක ප්‍රතිපත්තියේ තවම එල්ලිලා කරන නාට්‍ය ඵල රහිතයි. මේ විසිඑක්වන සියවස...

:       2       0

himal Tuesday, 25 June 2024 10:31 AM

ඉතින් රියදුරාගේ වරදකින් අනතුරක් වුනොත් උසාවියට දැම්මාම රියදුරු වැරදිකාරයා වෙනවා නම් රියදුරා තමයි වැරදිකාරයා. එහෙම නැතුව රක්ෂණය දාපු මනුස්සයා නෙවෙයි.

:       0       2

Don perea Tuesday, 25 June 2024 11:14 AM

මෙයා ලොරි, කොහොමද බස් කියලා රක්ෂණය කරන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site