IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංගම බස් 800කට ආයෙත් පණ දෙයි

(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝ 105 කින් අමතර බස් රථ 800 ක් ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ධාවනයට යොදවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ටයර් සහ අමතර කොටස් හිඟය හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 800 ක් අලුත්වැඩියා කර මෙසේ ධාවනයට යොදවන බවත් ටයර් සහ අමතර කොටස් නොමැතිවීමෙන් මෙම බස් රථ මාස ගණනක් ධාවනයෙන් ඉවත්කර තිබුණ ද කැබිනට් මණ්ඩලය දැනුවත් කර අමතර කොටස් ඉක්මණින් ලබාගැනීමට කටයුතු කළ බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය. 



අදහස් (4)

ලංගම බස් 800කට ආයෙත් පණ දෙයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 July 2022 07:11 PM

සීටීබී එකේ යල් පැනපු අබලන් බස්රථ නැවත වරක් අලුත්වැඩියා කොට ධාවනයට යෙදෙව්වත්, ඒවා අලුත් බස් මෙන් නිසි අයුරින් ක්‍රියාකාරී ඒවා වෙන්නේ නැත. රටේ මහා ජනතාව ප්‍රවාහනය සඳහා ගැටගසා සකස් කරන පරණ බස් රථ යෙදුවත්, මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරු සඳහා කිසිදිනෙක පරණ වාහන අලුත්වැඩියා කොට ලබාදීමක් සිදුනොවේ...

:       68       97

saman Saturday, 30 July 2022 08:03 AM

ඉන්ධන හිගය දිගටම පවතින එක එකඅතකට හොඳයි. නැත්නම් කවදාවත් පොදු ප්‍රවාහන සේවය සංවර්ධනය වෙන්නේ නෑ.

:       0       6

චාමර Saturday, 30 July 2022 08:35 AM

මේ බන්දුලයා කිව්ව ඒවා කවද්ද ක්‍රියාත්මක වුනේ...? වෙන රටක් ගැන වෙන්න ඇති මේ කියවන්නේ... ලංකාවේ නම් වෙන්න බැහැ... අනික බස් 800ක් ධාවනයෙන් ඉවත් කර තිබුණාට රියදුරු කොන්දොස්තර 1600ක් වෙනුවෙන් රටේ මුදල් වියදම් කොපමණ කාලයක් වියදම් කරාද කියල‍‍ා අහන්නකෝ..? මේ රටේ මුදල් නාස්ති වෙන්නේ මේ නිසා... ලංගම තියෙන බස් හරියට වෙලාවට දුවවනවා නම් ඇප් එකක් යොදවලා ගූගල් හරහා බස් රථ හරියටම තියෙන තැන පෙන්නන්න කටයුතු කරොත් ලංකාවට මේ තරම තෙල් ගෙන්නන්න ඕනේ වෙන එකක් නෑ. මිනිස්සුන්ව පොදු ප්‍රවාහනය වැඩිපුර භාවිතා කරන්න යොදවන්න. ඒකට බන්දුල වගේ කෙනෙක් හරියන්නේ නෑ..

:       1       4

ganegoda Saturday, 30 July 2022 02:10 PM

මුළු රටම පණ අදින මේ වෙලාවේ බස්වලට පණදීලා මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site