
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංගම බස් ඩිපෝ පනස් පහක් පාඩු ලබන බව ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පාඩු ලබන ඩිපෝවල කළමනාකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීමට ඉදිරිපත් කෙරුණු තවත් යෝජනා දහයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
බස් ඩිපෝ පිටින් ගිනි තියපු අය පාඩු වෙන එක ගැන කතා කිරීම විහිළුවක් නෙවෙයිද? කොහොමත් ඕවායේ වැඩිපුර ඉන්නේ මාලිමාවේ ක්‍රියාකාරිකයෝ තමයි. හෙමීට ඔවුන්ට කතා කරලා බලන්න.
මෙතෙක් කාලයක් ලංගම ඩිපෝ වල කළමනාකාර තනතුර ඇතුලු පරිපාලන තනතුරු ලැබණේ බලයේ ඉන්න පක්ෂයේ දේශපාලන හෙංචයියන්ට, ඒ නිසා ඒවා පිරිහුනා හොරකම නාස්තිය දූෂණය පිරිලා ඉතිරිලා ගියා. තවදුරටත් එසේ සිදු නොවිය යුතු බැවින් නුසුදුස්සන් ඉවත් කර ඒ වෙනුවට සුදුස්සන් පත්කර දේශපාලන ගුබ්බෑයමි වෙලා තවම තිබෙන ලංගම ඩිපෝ ජනතා සේවයට කැපවුණු ස්ථාන ලෙස පරිවර්තනය කරන්න බිමල් සහෝදරයා දරණ උත්සාහ අගය කල යුතුයි.
කළමනාකරුවන් ඉවත්කිරීම මේකට විසඳුම නෙමෙයි, මෙතුමා යටතේ හිටපු ගොඩක් සභාපතිවරු වුනත් අයින් වුනෙත් මේක හින්ද වෙන්න ඇති. ඩිපෝ කළමණාකරුවන් ගේ පාලනයෙන් බැහැර හේතුත් මෙසේ පාඩු ලැබීමට විය හැකියි. ඒවට නිසි හේතුන් මුලින් සොයා ගත යුතුයි.
ඇමතිතුමා ඇඹිලිපිටියේ ඩිපෝ එකෙත් ඕක අයින් කරලා වෙන කෙනෙක් දාන්න
සහෝදරවරු බස් ගිනිතියපු විදියට ඩිපෝ 55න් බේරුනා ඇති.
කොන්දොස්තර ඡන්දෙන් පස්සේ ලංගම... ඩිපෝ මැනිජර් කරපු පක්ෂ වලට කඩේ ගිහිපු කීපදෙනෙක් මෙතැන වසර පනහකට පෙර තමන්ගේම කට්ටියගේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා වෙච්චි දේවල් කියවනවා. ඔය මොනවා කීවත් රටේ විපක්ෂය හාන්සියි...
මෙතන කුහක කමට රටේ වෙච්චි වෙනස දරාගන්න අමාරු අය නන් දොඩවනවා, ඔව අර හඳට ගහන ගල් වගේ,
ඩිපෝ පාඩු ලබන්නේ සේවකයෝ වැඩි නිසා, ඉතින් කළමනාකරු මාරු කරලා අහවල් ලබ්බක් කරන්නද? මේවා මොළ නෙවේ, මොළ ගෙනාපු නැවු