IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංගම ටික්කන්ට වේයන්ගොඩදී ගුටි

(යොහාන් භාසුර)

අවිස්සාවේල්ල ඩිපෝවට අයත් බස් රථයක් වේයන්ගොඩ ප්‍රදේශයේදී ප්‍රවේශපත් නිකුත් කිරීම පිළිබඳව පරීක්‍ෂා කළ ජංගම පරීක්‍ෂක කණ්ඩායමකට එම බස් රථයේ කොන්දොස්තරවරයා සහ මගීන් පිරිසක් පහරදී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අවිස්සාවේල්ල සහ මීගමුව අතර ධාවනය කරන ආදාල බස් රථය ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ පරීක්‍ෂකවරු වේයන්ගොඩ ප්‍රදේශයේදී නවතා කළ පරීක්‍ෂාවේදී මගීන් වැඩි පිරිසකට ප්‍රවේශපත් නිකුත් කර නොමැති බව හෙළිවූ බවත් එම අවස්ථාවේදී මගීන් වැඩි පිරිසක් පරීක්‍ෂාවට විරෝධය පළකර ඇති බවත් එම නිලධාරියා කීය.

එම විරෝධය හේතුවෙන් පරීක්‍ෂක කණ්ඩායම පරීක්‍ෂාව අතහැරදමා පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේදී කොන්දොස්තරවරයාගේ මෙහෙයවීමෙන් බස් රථයේ සිටි පිරිසක් පරීක්‍ෂකවරුන්ට පහරදී ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (7)

ලංගම ටික්කන්ට වේයන්ගොඩදී ගුටි

පැරකුම් Friday, 30 June 2023 02:22 PM

රටකට ගිය කල…! වංචාව දූෂණය ඉහවහා ගිහින්. නීතිය වල් වැදිලා. දේශපාලුවෝ එකක් කරනකොට ගෝලයෝ දහයක් කරලා. ආදර්ශමත් පාලකයින් නැතුව රටක් හදනවා බොරු...

:       4       31

නිමල් Friday, 30 June 2023 05:09 PM

ටික්කෝ කියන්නේ මොක්කුන්ද?

:       10       1

චන්දිම Friday, 30 June 2023 07:39 PM

අනේ නිමල් ඔයා දන්නේ නැද්ද ටික්කෝ කියන්නේ බල්ලන්ගේ ඇඟේ වහන කිනිතුල්ලෝ වගයකට....!

:       6       4

Nimal Friday, 30 June 2023 08:11 PM

‘‘ටික්කන්‘‘ කියන එක හරිද?

:       0       7

උණගස්කොරටුවෙ විමලසේනSaturday, 01 July 2023 06:01 AM

ටික්කෝ කියනවා හරි නැත්නම් ටිකෝරිස් අප්පුහාමි කියන්න...

:       0       0

SISIRA Friday, 30 June 2023 10:59 PM

කෝච්චියේ බාප්පලා, බස්සෙකේ ටික්කෝ...,

:       0       1

චන්දන Saturday, 01 July 2023 08:07 AM

ලංගමත් ප්‍රතිව්‍යුහගත කළොත් හොඳයි වගේ. ඩ්‍රයිවර් කොන්දොස්තර දෙන්නා ආදයමින් 70%ක් විතර ගසා කනවා. 40 දක්වා ටිකට් දෙන්නේ නැහැ. මිනිස්සු බහිනකොට ටිකට් නොදී සල්ලි ගන්නවා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටවෙන කොටම චෙක් කරන්න. ටිකට් කඩන්න ගන්නේ කිලෝමීටරයක් විතර ගියාට පස්සේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site