( බී.ජී. චතුරංග )
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පන්සලක කුලී කාමරයක් තුළ ගබඩා කර තිබූ ලක්ෂ තුනකට ආසන්න පාවහන් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
කුරුණෑගල, මී ගොල්ල, හිඳගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, කුරුණෑගල පදිංචි තම හිතවතෙකු සමඟ පාවහන් නිෂ්පාදනය සිදු කරන බවත් ඒවා විකිණීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුට භාර දී තිබී ඇතැයි පොලීසිය කියයි.
පාවහන් හිමිකරු අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි එම පන්සලේ කාමරයක් කුලියට ගෙන පාවහන් තොග එහි ගබඩා කර තිබියදී මෙලෙස සොරකම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් 282500ක් බව පැමිණිල්ලේ සඳහන් ඇතැයි පොලිසිය කියයි.
එහි හිමිකරු විසින් එම කාමරයේ යතුර පාවහන් අලෙවි කරන පුද්ගලයාට ලබාදී කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිටියදී පසුගිය 8 දා රාත්‍රී මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
කාමරයේ දොර වසා, ඉබි යතුරු දමා එහි යතුර උළුවස්ස උඩ තබා ගොස්, පසුදා යළි පැමිණ කාමරයේ දොර විවෘත කර තිබෙන ආකාරය දැක සොයා බැලීමේදී, මෙම සොරකම පිළිබඳව අනාවරණය වූ බව එම සේවකයා සිදුකළ සිදු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd