
(සුජිත් හේවාජුලිගේ,නිමන්ති රණසිංහ, සනත් ගමගේ සහ චන්ද්‍රසේන ගමගේ)
වැලි කැනීම් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුවරයා සහ රියදුරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හම්බන්තොටදී අද (5) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් දෙදෙනා අම්බලන්තොට පොලීසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැලි ව්‍යාපාරකයකුගෙන් වැලි කැණීම් බලපත්‍රයක් ලබා දීම සදහා නිළධාරියා අල්ලසක් ඉල්ලා ඇති බවත් වැලි ව්‍යාපාරිකයා ඒ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කාර්යාංශයට දැනුම් දීමෙන් පසුව එහි නිළධාරීන් පැමිණ කැනීම් ඉංජිනේරුවරයා අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය කියයි.
වැලි ව්‍යාපාරිකයා අම්බලන්තොට සේනානායක මාවතේදී අල්ලස දෙනවාත් සමඟම අල්ලස් නිළධාරීන් විසින් කැනීම් නිළධාරියා අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ සමඟම ඔහු ගේ රියදුරුද අත් අඩංගුවට ගෙන තිබුණු බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා හා ඔහු ගේ රියදුරු අද (06) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 9ක් ගත්තැයි භූ විද්‍යාවේ හම්බන්තොට ලොක්කකු අල්ලයි
Nimal Friday, 06 October 2023 08:11 AM
ආයතනයම හොර ගුහාවකි .මෙයට පෙර සිටි ඉහලම නිලධාරීන් ඉවත්කලාද හොරකමේ අඩුවක් නැත