
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කෝටිපති ව්‍යාපාරීකයකුට අයත් ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයෙ පිහිටි ඉඩමක තිබු ට්‍රැක්ටරයක් ඇතුළු ලක්ෂ 50 කට ආසන්න වටිනා දෑ සොරා ගත් වතු මුරකරුවකු අත්අඩංංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු සමඟ එයට අනුබල දුන් සැකකරුවන් හා සොර බඩු මිළදි ගත් 6 දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබේ.
අදාල ඉඩමට මුරකරුවකු අවශ්‍ය බවට පුවත් පත්වල පළකර තිබු දැන්විමකට ප්‍රධාන සැකකරු ඉඩමට පැමිණ ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයෙ බව කියයි.
මෙම මුරකරු සොරකම සිදුකිරීමට පෙර ඉඩමේ සිටි බිරිද හා දරුවා ආපසු ඔහුගේ මාදම්පේ නිවසට පිටත් කර ඇති බවද පරික්ෂණ වලදි හෙළිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් කිසිම පුද්ගලයෙක්ව විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ලෝකෙම තියෙන්නේ. කන්න දීපු අත හපන්න දෙපාරක් හිතන්නේ නෑ. ඒ තරම් පිරිහිලා...!