IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ලක්ෂ 15 ක ‘අයිස්‘සමඟ2ක් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාදකයකදී ත්‍රිරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා  අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම 100 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන  රුපියල් 26750 මුදලක් ජංගම දුරකථන තුනක් හා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය නවතා පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථයේ පිටුපස වාඩිවී සිටි පුද්ගලයා පිළිබඳව මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි පොලිස්  සැරයන්වරයාට  සැකයක් පහළවී ඇත. 

 

ඒ අනුව එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී සරම කැසපොටේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට  හැකි වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය

 

 

මෙම පුද්ගලයින් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 37 සහ 28 වැනි වියේ පසුවන පුද්ගලයින් බවත් පොලිසිය පැවසීය.

 

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට පිළියන්දල ප්‍රදේශයේ සිටින අයිස් මත්ද්‍රව්‍ය  ගැනුම්කරුවකුට ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි බව සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම් හා විමර්ශනයේදී අනාවරණය  වී ඇත .

මෙම සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගමන් කරමින් සිටියේ මත්ද්‍රව්‍ය කා හට ලබාදීමටද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදුකර එම පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

 

 

 



අදහස් (0)

ලක්ෂ 15 ක ‘අයිස්‘සමඟ2ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 297 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 818 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1233 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site