(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 10, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , සහ මුදලින් රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ මීතොටමුල්ල දේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 30, මිලි ග්‍රෑම් 120, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 200 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් ලක්ෂ 6 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගන්නා ඩිජිටල් තරාදියක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලම්පිටිය පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd