(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට ආසන්න සංඛ්‍යාවක් ආදායම් බදු අංකය ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (4) පැවසීය.
පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති බවත් පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට ලක්‍ෂ 10 කට ආසන්න වී ඇති බවත් එම නිලධාරියා කීය.
බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන සිට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිලධාරියා කීය.
සියලුම බදු කාණ්ඩවලට ලියාපදිංචි වීම කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පවතින ආණ්ඩුව කෙසේ වුවත්, රටක හිතකර පැවැත්ම උදෙසා, රටේ ආදායම් ලබන සියලු පිරිස් ඒ සඳහා දායකත්වය දැරිය යුතුවේ. දේශපාලකයින්ට අමතරව, රටේ මෙවන් වගකීමක් නැති, දායකත්වයක් නොදරන හා බදු හොරුද වගකිව යුතුයි. නියමිත පරිදි බදු ගෙවන, තම දායකත්වය දරන ජනතාවක් සිටින විට, ඔවුන් තමන් ගෙවන බදුවල වටිනාකම දැනී පොදු දේපල ආරක්ෂා කිරීමට පවා පෙළඹේ. බදු ගෙවීමට බෑ කියනවාට වඩා, ගෙවන බදුවලින් නියමිත වැඩපිළිවෙලක් වැඩ ගැනීමට යාන්ත්‍රණයක් සාදා ගැනීමට වැඩ කිරීම විශේෂයෙන් බුද්ධිමත් යයි කියාගන්නා වුර්තිකයින්ගේ කාර්ය භාරය වේ. එවිට ඊළඟ පරම්පරාව හෝ මේ නරා වලෙන් එළියට පැමිණ මේ රටේ හිස් ඔසවාගෙන ජීවත්වනු ඇත...
මේ කියන Tin අංක හෝ Pin අංක ගැනීමට සිංහල පමණක් දන්නා අපිට අවස්ථාව නැද්ද? තිබේ නම් ගතයුතු ආකාරය කොහොමද? එහෙම ක්‍රමයක් නැත්නම් ඒකටත් බදු උපදේශකලා සොයාගෙන ගෙවීම් කරන්න ඕනෑද? ඉංග්‍රීසි කියන්නේ ලංකාවේ රාජ්‍ය භාෂාව නොවෙයි... සම්බන්ධීකරණ භාෂාව...