
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් අතර සහයෝගිතා රාමුවකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ වෙළඳ ජාලයන් යනු ප්‍රමිතීන් සහතික කිරීම, නිෂ්පාදක සහය වැඩසටහන් සහ උපදේශනය හරහා ප්‍රතිලාභ සමානව බෙදී බෙදී යන ගෝලීය ජාලයකි.
ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳාම සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යෝජනා කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් සහයෝගීතා රාමුවකට අත්සන් තැබීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd