(විමුක්ති එස් රුද්‍රිගු)
අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත බව දත්ත වාර්තා උපුටා දක්වමින් ඉන්දීය රජය ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ ආරක්ෂාව සහ ආර්ථිකය කෙරෙහි බලපාන ඕනෑම සිදුවීමක් ඉන්දීය රජය ඉතා අවධානයෙන් නිරීක්ෂණය කරන බවත් එවැනි සිදුවීමකදී ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දාම් බග්චි මහතා ප්‍රකාශ කළේය.
කොළඹ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට වාචිකව තම විරෝධතාව ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
'ද හින්දු'පුවත් පත ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ විමසීමකදී යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණෙන බවට කිසිඳු තහවුරු කිරීමක් නොමැති බවට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසූ බව එම පුවත් පත වාර්තා කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලංකාවට එන යුවාන් වැන්ග් 5 ගැන ඉන්දියාව අවධානයෙන්
P. Ilangaratne Friday, 29 July 2022 04:48 PM
ණයට කනකොට ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා...
chandima Friday, 29 July 2022 06:02 PM
ඉන්දියන් කාරයින්ට ඕන විදිහට වැඩ කළොත් අපටත් වෙන්නේ රේල් පාරේ වැසිකිළි පෝලිමේ ඉන්න. ඉන්දියාව වෙන රටක්. ලංකාව වෙන රටක්. ඒක ඉන්දියාවට අමතක වෙලා.. ලංකාවේ මුහුදු සීමාවේ යන නැව් ගැන ඉන්දියාව කොහොමද තීරණය ගන්නේ..?
saman Saturday, 30 July 2022 08:04 AM
මේ අප්‍රසන්න අසල්වැසියා තමා ලංකාවේ ප්‍රශ්න සේරටම මුල.