
(විමුක්ති එස් රුද්‍රිගු)
සිංගප්පූරු ධජය යටතේ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් අද(26) අලුයම එම පාලම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අද(26) අලුයම 1.30 ට පමණ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ එක් කණුවක ගැටීම හේතුවෙන් කිලෝ මීටර 2.5 ක් දිග පාලම පැටප්ස්කෝ ගංගාවට කඩා වැටී ඇත.
ඩාලි නෞකාව පාලමේ ගැටෙන මොහොතේ මෝටර් රථ සැලකිය යුතු ප්‍රමාණයක් පාලම මත ගමන් කරමින් තිබී ඇති බවත් පාලම කඩා වැටීම හේතුවෙන් මෝටර් රථ කිහිපයක් ගංගාවට වැටී ඇති බවත් මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර් ප්‍රකාශ කළේය.
පැය 5 සෝදිසි මෙහෙයුමකින් පසු ගංගාවට වැටුණු පුද්ගලයන් දෙදෙනකු බේරා ගැනීමට හැකි වුවත් ඉන් එක් අයෙකුගේ තත්වය යහපත් නොවන බව ආණ්ඩුකාරවරයා පැවැසුවේය.
එසේම අවම වශයෙන් තවත් හත් දෙනකු ගංගාවට වැටි අතුරුදන් වී ඇති බවත් මේ වන හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙන බවත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කපිතාන් හිතාමතා නෞකාව පාලමේ ගැටෙන්නට සැලැස්වූ බවට හෝ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට කිසිඳු සාක්ෂියක් මේ වනතුරු හමුවී නොමැති බවද බැල්ටිමෝර් පොලිසිය පැවැසුවේය.
නමුත් නැවේ යම් දෝෂයක් තිබුණාදැයි තවම පැවැසිය නොහැකි බව බැල්ටිමෝර් පොලිසිය ප්‍රකාශ කළේය.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) සමග එක්ව සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු වෙරළ ආරක්ෂකයන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරියේදී සියලු තොරතුරු අනාවරණය වනු ඇති බවත් බැල්ටිමෝර් පොලිසිය පැවැසුවේය.
ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම පැටප්ස්කෝ ගංගාවට අඩි 184 ඉහළින් පිහිටා ඇති බවත් තවමත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් බැල්ටිමෝර් පොලිසිය ප්‍රකශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ භාණ්ඩ නෞකාවේ, ශ්‍රී ලංකාවේ නාවිකයින් සිටි බවක් දැනගන්නත් තිබේද? ඔවුන් අනතුරට පත්වී නැද්ද කියා දැනගැනීමට පවුල්වල අය විශ්වාස බලාපොරොත්තු තබාගෙන සිටිනවා....!
ඒකටත් ලංකාව ගෑවිලා... පුදුම කරුමයක්..
එතැනත් ලංකාවේ නම තිබ්බා...!
නැවේ ලංකාවට අරන් ආවේ මොනවද කියන්න එපා... අපේ කළු කඩකාරයෝ ඒවා හිඟයි කියලා මිල ඉහළ දාවි...
සැතපුම් 2ක් නොව, සැතපුම් 1.6ක් ලෙස ශීර්ෂ පාඨය නිවැරැදි කරන්නේ නම් මැනවි...
අනතුර වනවිට වතුරේ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 4 (40 faranhite) පමණ වූ බැවින් වතුර යට සිටින්නාවුන් මේ දක්වා දිවි ගලවාගෙන ඇතැයි සිතීම අසීරු බවයි පවසන්නේ .කෙසේ වෙතත් මෙයට සමාන්තරව තවත් පාලම දෙකක් ඇති නිසා ගමනාගමනය නැවතී නැහැ