(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකාවේ හයදහසකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද(30) පැවසීය.
ලංකාවේ ජනගහනයෙන් තුන් දහසකගෙන් අයකු ඒඩ්ස් රෝගියකු බවද ඔහු සඳහන් කළේය.
ජයසුමන මහතා මෙසේ පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය
මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය.
මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දැන් කිව්වා එතුමා සෞඛ්‍ය ඇමති වෙලා තමයි ජනාධිපති වුණේ කියලා. රමේෂ් පතිරණ මහතාටත් ඒ අඩි පාරේ යන්න ශක්තිය ලැබෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඖෂධ නියාමන අධිකාරිය පිලිබඳ පණත් කෙටුම්පත දුර්වලයි. ඒ පනතට සංශෝධනයක් අප්‍රමාදීව ගෙන ආ යුතුයි. රටේ ජනතාවට අඩු මිලට ලබා ගැනීම සඳහා ඔසුසැල් 50ක් පටන් ගන්න කියල සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා. අපි ඒ කටයුතු මුලින් ආරම්භ කරලා තිබුණේ.අලුත් ඖෂධ වර්ග 150 ක් අපිට දෙන්න පුළුවන් වුණා. සේලයින්ද ඇතුළුව. තොරතුරු තාක්ෂණ පද්ධතියේ අඩු පාඩුවක් සිදුවී ඇත්නම් කඩිනම් විමර්ශනයක් කර ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම වැදගත්. ලංකාවේ ඒඩ්ස් රෝගය වැඩි වීමේ ප්‍රමාණයක් තියෙනවා. මේ වනවිට ඒඩ්ස් රෝගීන් 6000ක් විතර ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවෙත් ඉන්නවද ?
එක සැරයක් වඳ සැත්කම් කියල බොරුවක් සමාජගත කරලා මහා විනාශයක් කලා . දැන් එනවද තව මගුලක් කතාකරන්න . අනේ නිකන් පලයන් මහත්තයෝ යන්න. යේ සසර වසනතුරු ඔහෙලට රැවටෙයිද අපි ?
ඒඩ්ස්වල වර්ධනයක් ඇතිවග සමාජරෝග අංශයෙන් දැනුම් දී තිබුණා. එය ලෝකය පුරාම පවතින ප්‍රවණතාවයක්. ඒ සඳහා උපත්පාලන කොපු ගත හැකි යන්ත්‍ර රටේ තැන්තැන් වල ස්ථාපිත කරන්න යන වගකුත් තිබුණා. එවැනි ක්‍රියාවකින් ඒඩ්ස් පාලනය කරගත හැකිවේ යැයි හිතන්න බෑ...!
දෙයක් කිව්වාම බක පණ්ඩිත කතා සීයක් කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලම තමයි තියෙන්නේ AIDS රෝගීන් 6000 ඉන්නවා කියලා. වඳ සැත්කම් ගැන නඩුව තවම කුරුණෑගල උසාවියේ විභාග වෙනවා..