IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලංකාවේ හැදූ සැමන් ප්‍රථම වරට රට යවයි

(චන්දන හෙන්දුරුගොඩ)

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ සැමන් තොගයක් ප්‍රථම වරට විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය  අද (29) පුත්තලම -  මදුරන්කුලියේ පිහිටි  ඔෂන් ෆුඩ්  කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි.

මේ වර්ෂයේ තුළ ඩොලර් මිලියන අටක ආදායමක් බලාපොරොත්තු වන බවත් මේ මාසය තුළ එක් කන්ටේනරයක සැමන් ටින් 48000 ක්ද , එක් කන්ටේනරයකින් ඩොලර් 38000 / 40000 ආදායමක් බලාපොරොත්තු වන බවත් ලබන මාසය තුළ කන්ටේනර් පෙට්ටි 02  ක් යැවීමට බලාපොරොත්තුව වන බවත් පාලන අධිකාරිය සදහන් කරයි.

මහා මුහුදෙන් ධීවරයින් විසින් අල්ලා ගෙන එනු ලබන 1/3 මාළු ගොඩ බිමට රැගෙන එන විට විනාශ වන බවත් එය මහ ුහුද මැදට ගොස් මිලදී ගෙන රට වටා ඇති මාළු සම්පත විනාශ වීමට ඉඩ නොදී ප්‍රයෝජනයට ගැනිම එකම අරමුණ බව ඔවුන් පවසයි.

මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් , ධීවර ජලජ හා සාගර සම්පත්  අමාත්‍යය ලේකම් සම්පත් මන්ත්‍රීනායක , ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත  ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (10)

ලංකාවේ හැදූ සැමන් ප්‍රථම වරට රට යවයි

Perera Sunday, 30 March 2025 06:56 AM

හරිම සතුටුයි සුබ පැතුම්

:       4       39

Mohan Mangala Mapa Sunday, 30 March 2025 07:05 AM

දක්ෂ උත්සහවන්ත රටට ආදරේ ඇති මිනිස්සු

:       3       38

Sisindya Sunday, 30 March 2025 07:18 AM

එවැනි ව්‍යාපාර වලට එන ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් ලබා දිය යුතුය .පසුගිය ආන්ඩු වගේ නැතිව .

:       6       32

වන්නකු Sunday, 30 March 2025 07:27 AM

ජය වේවා

:       3       32

මුට්ටිය Sunday, 30 March 2025 07:42 AM

අම්බලන්ගොඩ ධීවර සංකිර්ණයේ මාලු වෙළද පොලට වඩා හැම මාලුවක්ම මාලු මාර්කට් ඒකේ ගාන අඩුයි.බඩු්ත් හොදයි. ඒ්ක ගැන සොයල බලන්න. සාලයා වැල්ලෙ රැපියල් 280 යි. දීවර සංස්ථා වෙළද පොලේ 360 යි බලයා වැල්ලෙ 700 යි. සංස්ථාවේ 1200 යි කාවිද ඉතිං.

:       2       36

මැක්ස් Sunday, 30 March 2025 08:11 AM

කොහොමද අපේ ජාජබ ආංඩුවෙ වැඩ! ඇවිල්ල මාස 6යි. අවුරුදු 6ක් යනකොට අනුර සහෝදරයා රට අරං යනවා ලොවෙත් නැති තත්ත්වයකට

:       56       33

MDSunday, 30 March 2025 05:03 PM

තව ටික දවසකින් ඔය මාලිමා කාරයෙකුට යන්න වෙන්නේ සැමන් ටින්වල හැංගිලා වෙන්නත් බෝහෝ දුරට ඉඩ තියෙනවා.බොරු කියලා රට ඇති වෙන්න පහත්ම'තත්වයට ඇවිත්.

:       1       4

Lalla Sunday, 30 March 2025 08:41 AM

ධීවර පසු අස්වනු කලමණාකරන වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න විශේෂඥ දැනුම ලංකාවට නැතිද

:       5       34

kdn chandrasiri Sunday, 30 March 2025 08:56 AM

ඉතා අගය කළ යුතු වැඩක්

:       6       45

පොඩිඑකා Sunday, 30 March 2025 02:38 PM

යෝගටත් එකක් යවන්න හොදේ…!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 767 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2408 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site