
(චන්දන හෙන්දුරුගොඩ)
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ සැමන් තොගයක් ප්‍රථම වරට විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය අද (29) පුත්තලම - මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ් කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි.
මේ වර්ෂයේ තුළ ඩොලර් මිලියන අටක ආදායමක් බලාපොරොත්තු වන බවත් මේ මාසය තුළ එක් කන්ටේනරයක සැමන් ටින් 48000 ක්ද , එක් කන්ටේනරයකින් ඩොලර් 38000 / 40000 ආදායමක් බලාපොරොත්තු වන බවත් ලබන මාසය තුළ කන්ටේනර් පෙට්ටි 02 ක් යැවීමට බලාපොරොත්තුව වන බවත් පාලන අධිකාරිය සදහන් කරයි.
මහා මුහුදෙන් ධීවරයින් විසින් අල්ලා ගෙන එනු ලබන 1/3 මාළු ගොඩ බිමට රැගෙන එන විට විනාශ වන බවත් එය මහ ුහුද මැදට ගොස් මිලදී ගෙන රට වටා ඇති මාළු සම්පත විනාශ වීමට ඉඩ නොදී ප්‍රයෝජනයට ගැනිම එකම අරමුණ බව ඔවුන් පවසයි.
මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් , ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යය ලේකම් සම්පත් මන්ත්‍රීනායක , ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු පිරිසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි සුබ පැතුම්
දක්ෂ උත්සහවන්ත රටට ආදරේ ඇති මිනිස්සු
එවැනි ව්‍යාපාර වලට එන ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් ලබා දිය යුතුය .පසුගිය ආන්ඩු වගේ නැතිව .
ජය වේවා
අම්බලන්ගොඩ ධීවර සංකිර්ණයේ මාලු වෙළද පොලට වඩා හැම මාලුවක්ම මාලු මාර්කට් ඒකේ ගාන අඩුයි.බඩු්ත් හොදයි. ඒ්ක ගැන සොයල බලන්න. සාලයා වැල්ලෙ රැපියල් 280 යි. දීවර සංස්ථා වෙළද පොලේ 360 යි බලයා වැල්ලෙ 700 යි. සංස්ථාවේ 1200 යි කාවිද ඉතිං.
කොහොමද අපේ ජාජබ ආංඩුවෙ වැඩ! ඇවිල්ල මාස 6යි. අවුරුදු 6ක් යනකොට අනුර සහෝදරයා රට අරං යනවා ලොවෙත් නැති තත්ත්වයකට
ධීවර පසු අස්වනු කලමණාකරන වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න විශේෂඥ දැනුම ලංකාවට නැතිද
ඉතා අගය කළ යුතු වැඩක්
යෝගටත් එකක් යවන්න හොදේ…!