දමිළ සිනමාවේ සුපිරි තරුව, තලපති විජේගේ නවතම චිත්‍රපටය ‘ලියෝ’ අද (20) ඉන්දියාවේ පමණක් නොව, රටවල් රැසක ද තිරගතවීම් ආරම්භ කරයි.

අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් මෙනන් ඇතුළු ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

ඊට අමතරව, ඉන්දියාවේ ‘බිග් බොස්’ රියැලටි වැඩසටහන හරහා  අතිශය ජනප්‍රිය වුණු සුරුපිනී ජනනි කුනසීලාන් ද ‘ලියෝ’ චිත්‍රපටයට එක් වි සිටින්නීය.

ජනනි යාපනයේ උපන්, මාධ්‍යවේදිනියක ලෙස කලක් රැකියාව කළ තරුණියකි.

‘ලියෝ’ චිත්‍රපටයට ජනනි තෝරා ගැනීම සිදුවී ඇත්තේ ද ‘බිග් බොස් 6’ රියැලිටි වැඩසටහන හරහා ලැබුණු ජනප්‍රියත්වය නිසා යැයි ද පැවැසෙයි.

‘ලියෝ’ තම පළමු චිත්‍රපටය බවත්, පළමු චිත්‍රපටයේ සුපිරි නළු විජේ සමඟ රගපාන්න ලැබීම ගැන ආඩම්බර වන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනනි පවසා ඇත.

‘ලියෝ’ චිත්‍රපටයට තමන් තෝරා ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ්ට ස්තුති කරන බවත් ජනනි පවසා තිබේ.