IMG-LOGO

ලංකාවෙි සියලු වනෝද්‍යාන ගැන ජනපතිගෙන් තද රෙගුලාසි

 

(අංජුල මහික වීරරත්න)

යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යයාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියම කරනු ලැබීය.

එතෙක් මෙම ජාතික වනෝද්‍යයානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුල් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග නිකුත් කර තිබේ.

ඊට අමතරව  ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය  ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමේ වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ය.

හෝර්ටන් තැන්නට පිවිසෙන පට්ටිපොල සිට  සහ ඔහියේ සිට ගමන් පහසුව සැලසීම සඳහා පරිසර හිතකාමී ⁣ඉලෙක්ට්‍රික් වාහන යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වේ. මීට අමතරව කැබලිත්ත පුජාභුමිය ද සුරැකීමට අවශ්‍ය නීති ද සකසන ලෙස ද මෙහිදි දන්වා තිබේ.

මෙරට වන වැස්ම 35% ක් වැනි අඩු අගයක පැවතීම නිසා ඉදිරියේදි කරනා සියලු සංවර්ධන ව්‍යාපෘතිවල දී මේ ගැන සැලකිලිමත් වන ලෙසත් වන වැස්මට හානි වන කිසිදු ව්‍යාපෘතියකට අවසර නොදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට එහිදි උපදෙස් දුන්නේය.

යාල විල්පත්තු සහ හෝටන්තැන්න ආදී පරිසර පද්ධති නැරඹීමට යන සංචාරකයින් සඳහා ද විදුලියෙන් ධාවනය වන රථ යෙදවීම කඩිනමින් කළ යුතු යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය. එසේම සොබාව සෞන්දර්ය රැක ගැනීමට අදාළ නව නීතීන්ද මෙම පනතට ඇතුළත් කරනා ලෙසද ජනාධිපතිවරයා  වැඩිදුරටත් දැනුම් දී තිබේ.

යාල විල්පත්තු සහ හෝර්ටන් තැන්න ආදී වනෝද්‍යානවල පරිසරය ආරක්ෂා කිරීම සඳහා  වන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම වැඩි කරන ලෙස ද ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල තවදුරටත් සඳහන් වේ.



අදහස් (5)

ලංකාවෙි සියලු වනෝද්‍යාන ගැන ජනපතිගෙන් තද රෙගුලාසි

Ruhunu Saturday, 29 October 2022 01:22 AM

දැන් වැරදි කරපු අයට උපරිම දඬුවම් දීලා පෙන්නන්න පුළුවන්. මින් මතුවත් වෙන අයට ඒ වගේ වැරදි නොකරන්න.

:       0       42

යෝගා Saturday, 29 October 2022 09:47 AM

පුද්ගලික වාහන ඇතුල් නොකිරීම හොඳ වැඩක්. නමුත් සෆාරි ජීප්කාරයින් දැන් නරඹන්නන් මරාගෙන කන ගාස්තු අය කරයිද දන්නේ නෑ. ඒකටත් යම් පාලනයක් යොදන්න..

:       0       28

swene Saturday, 29 October 2022 11:16 AM

යාල හාපු අය සියලුම දෙනාට දැන් තිබෙන නීතියෙන් හෝ කළ හැකි උපරිම දඬුවම දෙන එකයි තියෙන්නේ. රාජ්‍ය දේපළවලට සහ සොබාදහමට ත්‍රස්තවාදී වැඩකළ ඒගොල්ලෝ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට ගන්න බැරිද?

:       0       11

CHINTHAKA Saturday, 29 October 2022 12:09 PM

ඉතාමත් හොඳ තීරණයක්..., හැබැයි යාල පිස්සු නටපු උන්මත්තකයින්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       16

AB Saturday, 29 October 2022 05:43 PM

ලංකාවේ සියලු වනෝද්‍යාන, (සමස්ත පරිසරය සහ නීතිය) ආරක්ෂා කිරීම් පිළිබඳ, කුඩාකල සිටම පාසල් අධ්‍යාපනයට ඇතුළත් කල යුතු කාලය පැමිණ තිබේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site