(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
අවාසනාවකට මේ කටයුත්තට ඉඩ නොදෙන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.
රිලව් ලක්ෂයක් චීනයට යවන්න අපි මුලින් ලෑස්ති වුණා. අපි මීට සති දෙකකට පෙර චීනයට ගියා. ඒ අය බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ රිලව් ගන්න. ඒ රට කැමැත්තෙන් බාරගන්න ඉන්නවා. චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන විසිදාහක් පමණ තියෙනවා. නමුත් අවාසනාවකට මේකට ඉඩ දෙන්නේ නැහැ. දැන් අධිකරණ ක්‍රියාවලියකට ගිහිල්ලා තියෙනවා. පරිසර සංවිධාන කීපයක් ඉදිරිපත් වුණා. දැන් වෙන විකල්ප මාර්ග වලට යන්න වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යාංශයත් එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳමක් ලබාදෙන්න කියලා ඉල්ලනවා. අහිංසක මිනිස්සු වගා කරන දේවල් මේ සතුන් එක දවසෙන් විනාශ කරලා යනවා. තුවක්කු දීපු අයට පතුරම් නැහැ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ ගිනි අවි දෙන්න වේවි. පොල් ගෙඩි මිලියන පන්සීයක් විතර වාර්ෂිකව විනාශ වෙනවා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා යනවා ඕයි .මේවට එක රිලවෙක් ගෙන් ඔයාට දෙන්නම් රුපියල් 1000 ක්
මුන් නම් තියන සම්පත් ඔක්කොම විකුණාගෙන කන්නයි යන්නේ
මෙයාට රිලා පිස්සුවක් හැදිල
මේ මනුස්සයාට වෙන වැඩක් නැද්ද .රිලව් එක්ක පුදුම කෝන්තරයක්නේ තියෙන්නේ
රිලා ගහනය තරමක් වැඩිවෙලා කියලා මේ දිනවල එහාට මෙහාට පනින රිලවුන් ගෙන් පේනවා උන් ටික චීනෙට දෙන්න ගියොත් පරිසර සංවිධාන විරුද්ධ වෙන එකක් නැහැ උන් සමග අසරණ ගොවීන්ට හානි කරන රිලව් ටිකකුත් යවන්න පුළුවන් නම් හොදයි
මොලේ අමාරුකාර ගංජා කාරයෙක්. යකෝ,අපිට කෙලිනකම් මුට නින්ද යන්නේ නැහැල්ලු. ඔහොම යමන් ... තව සුමාන කියාද ?
ඉතින් උඹ පලයන්කෝ .පුළුවන් නම් අනික් රිලව් 225 ත් අරගෙන යන්න
පාලිම්නට් එකේ රිලව් ටික යවන්න බැරිද ?ඕනනම් ඔයත් යන්න
අපිටත් ලොකුම කරදරයක් තමා රිලවුන්ගෙන් තියෙන්නේ .පුදුම විදියට හානි කරනවා කිසිම දෙයක් වගා කරන්න බැහැ .චීනයට යවන එකනම් හොඳයි ඉස්සරහට මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙයි
මුලින්ම 225 පටවමු. රටට ගොඩ යනව ෂුවර්....
ඇමතිලා මන්ත්‍රීලා කී දෙනෙක් අලුතින් පත් කරන්න වෙයිද මන්දා ?
ඇමතිතුමෝ කියන්න රිලවුන් වගේම තව ජාතියක් ඉන්නවා ජෙප්පෝ කියලා උන්ව නම් බුරුතු ගණන් එවන්න පුළුවන්.හැබැයි සත්තු වත්තේ තියාගන්න නොවෙයි.
අනේ 225 ම ගත්තානම් හරියට හරි , අපි ගොඩ .
දේවානි නැවත වැඩ පටන් ගෙනද ?
මෙයාට තියෙන ඉල්ලුම ගැන වෙන්නැති කියන්නේ...වදුරු කතා තමා
ඇමති තුමෝ, බැරිද පාර්ලිමේන්තුවේ ඉන්න රිලව් ටික චීනෙට පටවන්න? ඔබතුමා එක්ක වුනත්, අපේ කිසි අකමැත්තක් නැහැ. අපේ පුර්ණ සහයෝගය දෙනවා, අම්මපා ස්ථීරයි.
ඔයිට වඩා හානියක් උබලාගෙ සෙට් එක කරනවා බන්.
ලෝකයේ වෙනත් දියුණු රටවල වන සත්ව ගහණය පාලනය කිරීමට විවිධ උපත් පාලන ක්‍රම සාර්ථක අන්දමින් භාවිතාකරන නමුත් අපේ රටේ ඒවා දන්න අය නැත. නිළධාරීන් රට සංචාර කර සැප ගත්තත් රටට වැඩක් නැත. රට ගොඩ ගන්න දේව දූතයෙක් පහලවන තෙක් බලා ඉමු.