IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාවේ බඩගින්න ගිය වසරේ කප් ගහලා

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස( ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන කළ 2022 - 23 අධ්‍යනයේදී  තොරතුරු හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරල  මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය

එම ප්‍රතිශතය ඒ  වර්ෂයේ මාර්තු මාසය වන විට පැවතියේ සියයට දාහතක් වශයෙනි.

මේ අනුව පසුගිය 2023 මාර්තු වන විට  තිස්හත් ලක්ෂ හතළිස් හය දහස්  දෙසිය අනූවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත තත්ත්වයේ සිටි අතර 2023 සැප්තැම්බර් වනවිට පනස් දෙලක්ෂ අසූඅටදහස්  අටසිය  අසූ අටක් දක්වා  පහළොස් ලක්ෂ  හතළිස් දෙදහස්  පන්සිය අනූවකින් එය  ඉහළ ගොස් ඇති බව පෙනීයයි.

වතු අංශයේ  ආහාර අනාරක්ෂිතතාවය සියයට 42 සිට  සියයට පනස් දෙක දක්වා අනූ තුන්දහස්  පන්සිය  අනූ තුනකින් ඉහළ ගොස් ඇත. ග්‍රාමීය  අංශයේ ආහාර අනාරක්ෂිතතාව සියයට දාහතේ සිට 25 දක්වා  දහතුන් ලක්ෂ අසූවට දහස් හත්සිය හතළිස් හතකින්  ඉහළ ගොස් ඇත.

ආහාර අනාරක්ෂිතතාව වැඩි වශයෙන් ඉහළ ගොස් ඇත්තේ කාන්තාවන් ගෘහ මූලිකයන් ලෙස සිටින පවුල් වල බවද එම අධ්‍යයනයේදී  හෙළි වී ඇත. මේ අනුව සියයට 23 සිට 32 දක්වා ඉහළ යෑමක් පෙන්නුම් කරයි.

පිරිමින් ගෘහ මූලිකයන් සිටින පවුල්වල ආහාර අනාරක්ෂිතතාව සියයට 16 සිට  සියයට 22 දක්වා ඉහළ ගොස් ඇත.

සමෘද්ධි ලාභී පවුල්වල ආහාර අනාරක්ෂිතතාව සියයට 43  සිට 57 දක්වා ඉහළ ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත



අදහස් (4)

ලංකාවේ බඩගින්න ගිය වසරේ කප් ගහලා

Prasanna Saturday, 19 October 2024 03:08 PM

මේ අවුරුද්ද අවසානයේ ඔලිම්පික් රන් පදක්කම ලැබේවි... හාමතේ ඉමු තරගයෙන්...

:       1       6

පිටරටවැසියා Saturday, 19 October 2024 03:16 PM

තක්කඩි දේශපාලුවන්ගෙන් රටට කොපමණ කෙළවුනත්, රටේ ඉන්න බත්කන හරක් ගහණය තවමත් සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවී නැත. ඒකත් එක්තරා කප් ගැහිල්ලක්...

:       3       8

Pradeep Kumara Saturday, 19 October 2024 04:38 PM

ඔය තියෙන්නේ කට්ටිය මෙච්චර කල් කරපු දේවල් වල ප්‍රතිඵල...

:       2       10

Asela Saturday, 19 October 2024 08:32 PM

සාමාන්‍ය මිනිස්සුන්ගේ මන්ද පෝෂණය වැඩි වුණාට හිටපු නායක ජොලි සියා අපි හැමෝම වෙනුවෙන් හොඳට (රටිනුත් ගෙන්නගෙන) කාල තියනවානේ, ඒ ඇති...

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site